කාන්තාවක් ළිඳට දමා ඝාතනය කර මුදල් - රන් භාණ්ඩ කොල්ලකයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-11

කාන්තාවක් ළිඳට දමා ඝාතනය කර මුදල් - රන් භාණ්ඩ කොල්ලකයි

මිනුවන්ගොඩ පොලිස් වසමේ වේරගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක ජීවත් වු කාන්තාවක් ඊයේ(10) දහවල් කාලයේ අසල ළිඳට දමා ඝාතනය කර තිබේ.
 
අනතුරුව ඇයගේ නිවසේ තිබු මුදල් හා රන්භාණ්ඩ සොරකම් කර ඇති බවට 119 ලද පණිවිඩයක් අනුව මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
 
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 71 ක් වු වේරගොඩමුල්ල, හොරම්පැල්ල ලිපිනයේ පදිංචි අමුහේනේ ගෙදර සෝමාවතී නැමැත්ති තැනැත්තියකි.
 
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ම තබා ඇත.
 
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages