‘අභිමානයේ අභිෂේකය‘ කළඑළි දැක්වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-03

‘අභිමානයේ අභිෂේකය‘ කළඑළි දැක්වෙයි

(බුද්ධිකා ඉඹුලාන)
 
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මාධ්‍යකරුවන්ගේ එකමුතුව වන ආදි ධර්මරාජ මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරනු ලබන අභිමානයේ අභිෂේකය - නිර්මාණ ත‍්‍රිත්වයක කළඑළි මංගල්‍ය මෙම මස 10 වන දින ප.ව. 3.00 ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. 
 
එහිදී , ආදි ධර්මරාජ ලේඛකයන්ගේ නිර්මාණ ඇතුළත් ‘වැව් දසුනේ ලේඛකයෝ - 02’ කෙටිකතා සංග‍්‍රහය දොරට වැඞීමට නියමිත ය. සම්මානනීය ලේඛකයන් වන ධර්මසේන පතිරාජ, කපිල කුමාර කාලිංග, චන්ද්‍රරත්න බණ්ඩාර, කපිල එම්. ගමගේ චන්ද්‍රරත්න බණ්ඩාර, චතුර ජයතිලක, සුදත් මහදිවුල්වැව, ලලිත් හීන්ගම, ධර්ම ශ‍්‍රී කාරියවසම්, ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර, රෝහිත භාෂණ අබේවික‍්‍රම, කැළුම් වැලිගම, සමන් කුලරත්න, එරන්ද මතුගමගේ, හේමන්ත අරුණසිරි, බන්ධුල ගුණරත්න, චන්න දොලපිහිල්ල, අජිත් ධර්මසූරිය, ලක්ෂ්මන් ඉලංගකෝන් ඇතුළු කලා - මාධ්‍ය ක්ෂේත‍්‍රයන්හි සක‍්‍රීයව කටයුතු කරන ලේඛක පිරිසක් ඇතුළු ලේඛකයන් 30 දෙනෙකුගේ කෙටිකතා මීට අන්තර්ගත ය.
 
එසේම ආදි ධර්මරාජ මාධ්‍යකරුවන් හා කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් ‘ධර්මරාජ කලා - මාධ්‍ය නාමාවලිය - 2019’ සංස්කරණය මෙදින දොරට වඩිනු ඇත.  
 
මෙදින ඉතා සුවිශේෂී කාර්යයක් වන්නේ ප‍්‍රවීණ සිංහල අකුරු නිර්මාපක - ධර්මරාජ ආදි ශිෂ්‍ය පුෂ්පානන්ද ඒකනායක විසින් විද්‍යාලය වෙනුවෙන් නිර්මාණය කළ ‘FM ධර්මරාජ’ ෆොනුරු පවුල විද්‍යාලය වෙත පිරිනමමින් ජනගත කිරීමය. විද්‍යාලයක් වෙනුවෙන් අකුරු නිර්මාණය කිරීම හා පරිගණක සිංහලයට ප‍්‍රථම වරට ෆොනුරු පවුලක් හඳුන්වාදීම සුවිශේෂී අවස්ථාවකි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages