බීමත් සැමියා බිරිඳට-නැන්දණියට හා පියාට පිහියෙන් අණියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-04

බීමත් සැමියා බිරිඳට-නැන්දණියට හා පියාට පිහියෙන් අණියි

නිවසක බීමතින් සිටි පුද්ගලයෙකු විසින් පිහියකින් ඇණ තම පියා සහ නැන්දනිය ඝාතනය කර ඇත.
 
උඩුදුම්බර පොලිස් වසමේ 5 කණුව නාගොල්ල, කහටලියද්ද ප්‍රදේශයේ නිවසකදී ඊයේ(03) රාත්‍රි 08.45ට පමණ ඝාතනය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 
 
බීමතින් පැමිණි අදාළ පුද්ගලයා තම බිරිඳ සමඟ ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට, ඇගේ මවට හා ඔහුගේ පියාට පිහියකින් ඇණ තිබේ. 
 
 
53 හැවිරිදි සැකකරුගේ පියා සහ 45 හැවිරිදි නැන්දනිය එම ස්ථානයේදීම මියගොස් ඇත. සැකකරුගේ බිරිඳ බරපතළ තුවාල ලබා උඩුදුම්බර රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් වේ. 
 
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා උඩුදුම්බර පොලීසිය පරීක්‍ෂ අරඹා ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages