සහරාන්ගේ බිරිඳගෙන් සිව්වන දිනයටත් රහස් ප්‍රකාශයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-10-03

සහරාන්ගේ බිරිඳගෙන් සිව්වන දිනයටත් රහස් ප්‍රකාශයක්

කොලඹ ෂැංග්‍රිල්ලා හෝටලයට ඉකුත් අප්‍රේල් මස 21 වැනි දා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් නැමැත්තාගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නැමැත්තිය ඊයේ(02) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කළාය.
 
පැය තුනකට ආසන්න කාලයක් ඇය විසින් මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී මෙලෙස අදාළ ප්‍රකාශය සිව්වන දිනයටත් සිදු කර ඇත. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂාව යටතේ ඇය අධිකරණයට රැගෙන විත් තිබිණ.
 
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ පිපිරිමකින් අනතුරුව තුවාල ලබා සිටි ඇය සහ ඇයගේ අවුරුදු හතරක් වයසැති දියණිය වන රුදයිල් නැමැති ගැහැණු දරුවාද රහස් පොලිසිය භාරයට ගනු ලැබූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ෆාතිමා කාදියා රදවා ප්‍රශ්න කරමින් සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages