ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බව ගෝඨාභය දින 3ක් ඇතුළත තහවුරු කළ යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බව ගෝඨාභය දින 3ක් ඇතුළත තහවුරු කළ යුතුයි

Author(s): 
චමීර ඇල්ලදෙණිය

ඉගුරුවත්තේ සුමංගල හිමියෝ උපවාසයක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් එය දින තුනක් ඇතුළත තහවුරු කරන්නැයි ඉල්ලා ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියෝ කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී ඊයේ (10) උපවාසයක් ඇරඹූහ. ‘‘අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමෙරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්‍ෂගේ කුමන්ත්‍රණයෙන් බේරාගනිමු’ යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් උන්වහන්සේ උපවාසයේ නිරතව සිටිති.

මෙම උපවාසය ආරම්භ කරමින් ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියෝ මෙසේ පැවසූහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා එක්ක මගේ කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ. ජනාධිපතිවරණයට එතුමා සමඟ තවත් 34 දෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. මේ තරගයේ ඇමෙරිකානු පුරවැසියෙක් සිටීම ඒ 34 දෙනාට වූ අසාධාරණයක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස මිස ශ්‍රී ලංකා පුරවැසියෙක් ලෙස අපට දැනගන්නට ලැබී නැහැ.

ලංකාවේ මැතිවරණ නීතිය අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලීසිය, අධිකරණය මෙන්ම රටේ ජනතාවත් නොමග යවමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කරන බව පේනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒ දේ පෙන්නුම්කරදීමම මට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හැකිනම් ඉදිරි දින තුන ඇතුළත තමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත්, ශ්‍රී ලංකා පුරවැසියකු බවත් ඔප්පු කළොත් ගැටලුවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලුදෙනාටම මා ආරාධනා කරන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්‍ෂා කරගැනීම සදහා මා සමඟ එක්වන ලෙසයි.

සුමංගල හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් තවත් පිරිස් එම ස්ථානයේ බැනර ප්‍රදර්ශනය කරනු ද දක්නට ලැබිණි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages