ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 5ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-05

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 5ක් අත්අඩංගුවට

 ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස්දෙනෙකු  ඊයේ(04) දහවල් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 
 
ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට පැමිණි පුද්ගලයෙකු විසින් රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කර මත්පැන් මිලදී ගැනීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් බොරැලස්ගමුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
 
ඒ අනුව ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තුනක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අදාළ ව්‍යාජමුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද ස්ථානය වටලා තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
එහිදි ඔවුන් සතුව තිබී ව්‍යාජ  රුපියල් 5000 මුදල් නෝට්ටු 07ක්, ලැප් ටොප් පරිගණයක් සහ ස්කෑන් මුද්‍රණ යන්ත්‍රයක් පොලීසිය භාරයට ගෙන තිබේ. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව, ගනේමුල්ල,වීරකැටිය, පැල්ලම්පල සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(05) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages