මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්ගෙන් සජිත්ට ටොක්කක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-09

මහින්දගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්ගෙන් සජිත්ට ටොක්කක්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වීමෙන් රට තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇති බවත් ,එය පක්‍ෂ – විපක්‍ෂ දේශපාලන නායක කාරකාදීන් තේරුම් ගෙන ක්‍රියා කළ යුතුව ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

මීට හේතු වසර හතරකට වැඩි කාලයක් සිට යහපාලකයන් ගෙන යන අමන ක්‍රියා කලාපය බව කී ඒ මහතා ,ඉදිරියේදී තම දේශපාලන ගමන් මඟ වෙනස් කර නොගන්නා කිසිදු දේශපාලනඥයකුට පැවැත්මක් නැති බවද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,පිටබැද්දර -දන්කොළුව ,වරල්ල – කුඩලුදෙනිය ,සහ මාතර ඉසදීන් නගරයේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි ” ජනාධිපතිවරණය සහ රටේ අනාගතය ” මැයෙන් පැවැති සුහද හමු 3 කට සහභාගී වෙමිනි .

එහිදී ඒ මහතා මෙසේද කීය .

” රටේ ජනාධිපති අපේක්ෂකයකුට මෙතරම් හිරිහැර කළ අවස්ථාවක් තවත් නෑ .නඩු පිට නඩු දැම්මා .ඡන්දයට කලින් හිරේ දාගන්න කුමන්ත්‍රණ කළා .පොදු ජනයාගේ ප්‍රබල හඬ නිසා සියල්ල සුබ පැත්තට හැරුනා .රට ගෙන යන අදුරදර්ශී පාලනය වෙනස් කිරීමට ගෝඨාභය මහතා අවශ්‍ය බව බහුතර ජනතාවගේ මතය වුණා .පොදු ජනයාගේ බලාපොරොත්තුව මහින්ද – ගෝඨා ආණ්ඩුවක් .මේ දෙදෙනා සුරක්ෂිත රටක් නිර්මාණය කරන්න එක ප්‍රතිපත්තියක් මත ක්‍රියා කරනවා .දෙදෙනාම රටට ආදරෙයි .එය තමයි අපේ ජයග්‍රහණය .මේ දෙදෙනා ළඟ විකාර කතා විකාර වැඩ නෑ .ප්‍රතිවාදී අපේක්‍ෂක සජිත් මහතාගේ කතා බහ මහ ජනයා තුළ සමච්චලයට බඳුන් වෙලා .ඡන්දය දිනන්න බැරි නිසා කරන්න බැරි පොරොන්දු දී ජනතාව මුලා කරනවා .

යහපාලකයන් රටේ අනාගතය විනාශ කරලා .බුද්ධිමතුන් රට හැර යනවා .රටේ පාලන යාන්ත්‍රණය හිස් මිනිසුන් අතට ගිහින් .ඒ නිසා ජනතාව අසරණ වෙලා .අනාදිමත් කාලයක සිට මිනිස්සු අතට මුදල් ලැබුණු සියලු මාර්ග නැති කරලා .ඒවාට නැවත පණ දෙන්න ඕනෑ . මහින්ද මහත්තය යහපාලනයට රට බාර දෙන කොට තිබූ ආරක්ෂාව අද නෑ .සංවර්ධනය වූ රට අද නෑ .වහාම රටේ විප්ලවීය වෙනසක් කරන්න සිදු වෙලා .

පිරිත් අසා ,ධම්ම චින්තා අසා අනතුරුව දේශාභිමානී ගී අසා එදා ගෙදරින් පිටව වැඩ බිමට ,සේවාස්ථානයට ,ගිය දේශප්‍රේමී මිනිසා අද නෑ .අප ඒ මිනිසා යළි නිර්මාණය කර ගන්න ඕනෑ .

හොඳ මිනිසුන්ට මඩ ගසා චරිත ඝාතනය කර රටක් හදන්න බෑ .ඊර්ශයාවෙන් ,වෛයරයෙන් ,පළිගැනීමෙන් යහපත් සමාජයක් ගොඩ නගන්න බෑ .අන් අයගේ දේශපාලන මත වාදයට ගරු කරන්න ඕනෑ .අන් අයගේ ආගමික නිදහසට බාධා කළ යුතු නෑ .ඒ වගේම ආගමික අන්තවාදයට ඉඩ දිය යුතුත් නෑ .ජාතිවාදයත් බෑ .

ජනයා ඉල්ලන්නේ නව දේශපාලන සංස්කෘතියක් . .එය කළ නොහැකි වුවහොත් කැරළිකාරී තැනකට සමාජය තල්ලු වීම නතර කරන්න බැරි වේවි .මහින්ද – ගෝඨා කර පිටට වැටෙන්නේ පහසුවෙන් ගොඩ ගත හැකි රටක් නොවේ .

ජනතාව රවටන දේශපාලනයට දැන් ඉඩක් නෑ .නායකයන්ට පුරවැසියන්ගේ අදහස් උදහස් දැනෙන්න ඕනෑ .ඔවුන් තීරණ ගත යුත්තේ ඒ අනුවයි .බොහෝ අය ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන ක්‍රියා කරනවා .ඒ නිසා අනිටු ප්‍රතිවිපාක විදින්නත් සිදු වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

No comments:

Post a Comment

Post Bottom Ad

Pages