ඥාණසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-08

ඥාණසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීමට 2020 වසරේ පෙබරවාරි 17 වනදා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කළේය.
 
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ එම පැමිණිල්ල අද (08) කැඳවනු ලැබීය.
 
මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.
 
අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පසුගියදා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවත් , එම නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින්ය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages