සෝෆා-ඇක්සා ගිවිසුම් ගැන මහා සංඝයා නොමඟ යවන නිර්ණාමික ලිපි යවලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

සෝෆා-ඇක්සා ගිවිසුම් ගැන මහා සංඝයා නොමඟ යවන නිර්ණාමික ලිපි යවලා

අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ

දිවයින පුරා වැඩ වෙසෙන ගෞරවණීය මහා සංඝයා වහන්සේලා වෙත, සෝෆා ගිවිසුම හා ඇක්සා ගිවිසුම සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුළත් නිර්ණාමිකව ලිපියක් පසුගිය දිනක යවා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසුවාය. මෙම ගිවිසුම මගින් ඇමරිකානු යුද හමුදාවට ශ්‍රී ලංකාවට කිසිදු බාධාවකින් තොරව එවකට පැවති යුදමය වාතාවරණයේදී යුදමය ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා වරාය ගුවන්තොටුපලවලින් ඇතුලු වීමේ හැකියාව උදාවේ. වර්තමානය වන විට මෙම ගිවිසුම යාවත්කාලීන කිරීම: නැවත ගිවිසුම් ගත කිරීම - කටයුතු තවම සිදු කර නොමැත.

ඒ පිළිබඳ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට සත්‍ය අසත්‍යතාව පැහැදිලිකරමින් ඇමැතිනිය ගෞරවණීය ස්වාමින්වහන්සේලා වෙත ලිපියක් යවා ඇත.

මහා සංඝරත්නය නොමඟ යවමින් පටු දේශපාලනික අවශ්‍යතාවන් මුදුන් පමුනුවා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු පදනම් කරගනිමින් මෙම ගිවිසුම් සම්බන්ධ කාරණා සමාජයේවැරදි මතයක් ගොඩ නැගීමට උත්සාහ කර තිබෙන බව ඇමැතිනිය මෙම ලිපිය මගින් මහා සංඝයා වහන්සේලා දැනුවත් කර තිබේ.

මෙම ලිපියෙන් යම් පැහැදිලි කිරීමක්, අවබෝධයක් ලබාදීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එමගින් මහා සංඝයා වහන්සේලා මෙම වැරදි මතය නිවැරදි කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඇමැතිනිය මෙමගින් පෙන්වා දී ඇත.

එම ලිපිය මෙසේය,

ඔබ වහන්සේ වෙත නිර්නාමිකව එවන ලද ලිපිය

ලිපිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුළු රටම ඇමරිකා එක්සත් ජනපදයට භාරදී අප මාතෘ භූමිය ඇමරිකා එක්සත් ජනපදයේ කඳවුරක් බවට පත් කිරීමට ගිවිසුමක් සුදානම් කර ඇති බවත් එය සෝෆා ගිවිසුම ලෙසත් හදුන්වා දී ඇත.

ගරු ස්වාමීන් වහන්ස, සෝෆා ගිවිසුම හා ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් පහතින් දක්වා තිබේ.

සෝෆා :- SOFAගිවිසුම යනු...

සෝෆා ගිවිසුම යනු 1995 වර්ෂයේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඇමෙරිකානු එක්සත් ජනපදය අතර ඇති කර ගත් ඇමරිකානු නාවික ගුවන් යානා සඳහා පහසුකම් සැපයීමට යොදා ගත් අවබෝධතා ගිවිසුමක් වේ.

ඇක්සා :ACSA-ගිවිසුම යනු...

මෙම ගිවිසුම 2007 වර්ෂයේදී ඇමරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කළ ගිවිසුමක් වන අතර එමගින් අපගේ ආරක්ෂක හමුදාවට නාවික පුහුණුව ලබා ගැනීමට මුහුදු තීරය ආරක්ෂා කර ගැනීමට ඇමරිකානු එක්සත් ජනපදයේ සහයහිමිවේ. මෙමගින් අපගේ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වැඩිදියුණු කිරීමට හේතු වේ. මෙම ගිවිසුම 2007 මාර්තු 05 වන දින එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු එක්සත් ජනපදය අතර අත්සන්කර තිබෙන අතර එය 2017 අගෝස්තු මස 04 වන දින එය නැවතයාවත් කාලීන කර තිබේ. ඇක්සා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ඇමරිකානු එක්සත් ජනපදය එකිනෙකාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ප්‍රස්තාව උදාකර දී තිබේ.

ඔබ වහන්සේට ලැබුණු නිර්නාමික ලිපියේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් කොන්දේසි වශයෙන් කරුණු 16ක් පිළිබඳ සඳහන් කර තිබෙන අතර ඒ පිළිබඳ නිවැරදි කරුණු සැකවින් ඔබ වහන්සේගේ අවධානයට සහ දැන ගැනීම පිණිස මෙසේ දක්වනු කැමැත්තෙමි.

01. ඇමරිකානු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම ගිවිසුමේ කාර්යයන් කිරීම සඳහා මෙරට එවන සියලුම හමුදා නිලධාරීන් ඇතුලු සෙබලුන්ට කොන්ත්‍රාත්කරුවන්ට එම කොන්ත්‍රාත්කරුවන්ගේ නියෝජිතයන්ට කම්කරුවන්ට තානාපතිවරුන්ට හිමි වන මුක්තිය හිමි වේ.

ඉහත මෙම කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.

'ඕනෑම රටක රාජ්‍ය සේවයට අනුයුක්තව හමුදා හෝ සිවිල් නිලධාරියකුට තම රජය නියෝජනයකරමින් වෙනත් රටකටයාමේදී ඔවුන් හට තම රජය විසින් තුන්වන ලියවිල්ලක් :(third party note-TPN)ලබා දෙන අතර එය වීසා ලබා ගැනීමේදී ප්‍රමුඛතාවක් නිකුත් කරන ලිපියක් මිස කිසිවිටකත් තානාපතිවරුන්ට හිමි මුක්තිය හිමි නොවේ.

02. මෙම ගිවිසුම යටතේ ලංකාවට පැමිණෙන ඉහත 1වන පරිච්ඡෙදයේ කී පුද්ගලයකූ සිදු කරනු ලබන අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන කළ හැක්කේ ඇමරිකා එක්සත් ජනපදයේ දී පමණි එය ඔවුන්ගේ අපරාධ නීතිය අනුව සිදූ කෙරේ.

ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

මෙම ගිවිසුමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අත්සන් තබන ලද්දේ 1995 වසරේදී වන අතර එය ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදූ කරනු ලබන අතර ඒ අනුව සෑම ඇමරිකානු පුරවැසියෙකුම සිදු කරනු ලබන අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ හැක්කේ එරට අපරාධ නීතිය නොව වියානා සම්මුතියෙහි සඳහන් කරුණු අනුව පමණි.

03. මෙම සියලු දෙනාටම තානාපති මුක්තිය ඇති බැවින් ඔවුන් මෙරට අපරාධ සහ සිවිල් නීතියට යටත් නොවේ.

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

මෙම පුද්ගලයන්ට තානාපති මුක්තිය නොලැඛෙන අතර එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා වන අතර සියලුදෙනා ශ්‍රී ලංකාවේ නීතියට යටත් වේ.

04.සෝෆා ගිවිසුම ඇමරිකානු හමුදාවේ පාවිච්චිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක ගොඩනැගිලි ඉදිකිරීමේ පුර්ණඅයිතිය ලැබේ. මෙහි ගොඩනැගිලි ලෙස සඳහන් වුවද මේවා ඇත්ත වශයෙන්ම හමුදා කඳවුරුය.

ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

ඇමරිකානු හමුදා හෝ වෙනත් කිසිම විදේශ හමුදාවකට ලංකාවේ ස්ථානගත වීමට හෝ කඳවුරු බැඳීමට ඉඩකඩ නොමැත.

'05. ඔවුන් මෙරට කිසිදු බදූ හෝ වෙනත් ගෙවීම්වලට යටත්නොවේ'

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

මේ පිළිබඳ මෙම ගිවිිසුම මගින් නොව එහෙත් ශ්‍රී ලංකාවේ සේවයකරමින් විදේශ මුදල්වලින් වැටුප් ලබන සෑම නිලධාරියකුම ආදායම් බදුවලින් නිදහස් වේ.

06.ඔවුන්ට මෙරටට පැමිණීම පිටවීම සඳහා වීසා පාස් පෝට් අවශ්‍ය නැත.

ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

ඉහත 01 සඳහන් පරිදි සියලුම විදේශිකයන්ට නීත්‍යානුකූලව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා අත්‍යාවශ්‍ය වේ.

07. කිසිදු හැදුනුම්පතක් කිසිම ස්ථානයකදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත.

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ගිවිසුමෙන් ආරක්ෂා වන බැවින් සෑම විදේශිකයකුම තමන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට බැඳී ඇත.

08. ඇමරිකානු ගුවන් යානා නාවුක යාත්‍රා ඕනෑම ගුවන් තොටුපලකට හෝ වරායකට කිසිදු අවසරයක් නොමැතිව ඕනෑමඅවස්ථාවක ඇතුළු වීමට ද හැක.

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

ශ්‍රී ලංකාව ස්වෛරී රටක් වන බැවින් මෙරටට පැමිණෙන ඕනෑම නෞකාවක් හෝ ගුවන් යානාවන්ට හෝ එහි නිලධාරීන් හට මුහුදු සීමාවටත් ගුවන් අවකාශයටත් ඇතුළු වීමට අවසරය ලබා ගත යුතු මෙන්ම අවශ්‍ය අවසරයක් නොමැතිව පිටවීම ද කළ නොහැක.

09. එසේ එය යාත්‍රා ගුවන් තොටුපලකට හෝ වරායකට ඇතුළුවීමේදී හෝ පිටවීමේදී කිසිදු යාත්‍රාවක් හෝ එහි ඇති භාණ්ඩ කිසිවක් පරීක්ෂාවට ලක් කළ නොහැක.

ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

මෙරටට සෝෆා ගිවිසුම යටතේ පැමිණෙන සෑම මගියෙකුටම සාමාන්‍ය ගුවන් හෝ නෞකා මගින් පැමිණෙන සෑම මගියෙකුමෙන් පරීක්ෂාවට ලක් කිරීමට ඒ සම්බන්ධයෙන් වන සියලු ආගමන විගමන නීති රීතින්ට යටත් වේ.

10. ඉහත කී යාත්‍රාවලින් කිසිදු වරාය හෝ ගුවන් තොටුපල ගාස්තු අය කළ නොහැක.

ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

අනෙක් සෑම වෙළඳ යුද හෝ මගී යානාවක් නෞකාවක් මෙන්ම ගුවන් තොටුපලට හෝ වරායන් තුළට ඇතුළු වීමේ දී ගාස්තු ගෙවීමට යටත් වේ.

11. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ පද්ධතියට කිසිදු අය කිරීමක් නොමැතිව ඔවුන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කර පාවිච්චි කළ හැක.

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් පාලනය වන අතර එහි අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.

12. මෙම ගිවිසුම යටතේ ක්‍රියා කිරීමේ දී ශ්‍රී ලාංකීය හමුදාවේ නිලධාරියකුට සිවිල් වැසියකුට දේපළකට සිදු වෙන හානි එනම් ජීවිත හානිවලට ද ඇතුළුව වන්දි ගෙවීමේ වගකීමෙන් නිදහස් වේ.

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

සෑම ශ්‍රී ලාංකික පුරවැසියකු වන ඕනෑම කෙනක් හෝ දේපළක් මෙන්ම මෙම භූමිය තුළ සිදුවන සියලු වැරදි සම්බන්ධයෙන් ලංකාවේ නීතියට යටත් වේ.

13. ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කර ඇති ඕනෑම වෘත්තිය බලපත්‍රයක් රියදුරු බලපත්‍ර ද ඇතුළුව මෙරට වලංගු වේ. ඒවා පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට අයිතියක් නැත. මේ සම්බන්ධයෙන්මෙරට පනවා තිබෙන නීති ද සෝෆා ගිවිසුම යටතේ ක්‍රියාත්මක වේ.

ඉහත මෙම කරුණ පහත පරිදි වේ.

ශ්‍රී ලංකාවේ ඒ ඒ අවශ්‍යතාවන්හි පිළිගැනීම අනුව සිදු කෙරෙන අතර පිළිගත් විදේශ රියදුරු බලපත්‍ර වලංගු වේ. එහි පරීක්ෂා කිරීමේ බලය මෙරට නිලධාරීන් සතුය.

14. සෝෆා ගිවිසුම කෙටුම්පත පිළිගත හැකි යැයි ශ්‍රී ලංකාව ප්‍රකාශ කිරීමෙන් පමණක්ම එය නීතිමය වශයෙන් බලාත්මක වේ. නැවත ගිවිසුමක් අත්සන් කිරීම අවශ්‍ය නොවේ.

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

1995 දී ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සෝෆා ගිවිසුම දෙරටම එකතු වන ඒකාබද්ධ ව්‍යායාමයන් සිදු කිරීමට අවශ්‍ය නීති-රිති සඳහන් වේ. එම අරමුණු ක්‍රියා පටිපාටි කිසි ලෙසකත් වෙනස් නොවේ.

15. මෙම ගිවිසුමෙන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව භෞමික අඛණ්ඩතාව ස්වෛරීත්වය උල්ලංඝනය වේ.

ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ස්වෛරීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති අතර එය ආරක්ෂා කිරීමට ද එකඟ වී ඇත.

16. මෙම ගිවිසුම බලාත්මක වුවහොත් මුළු ශ්‍රී ලංකාවමඇමරිකා එක්සත් ජනපදයේ හමුදා කඳවුරක් බවට පත් වේ.

ඉහත මෙම කරුණ සම්පූර්ණ අසත්‍යයකි.

මෙය සම්පුර්ණයෙන්ම මෙම ගිවිසුම පිළිබඳ අවබෝධයක් නොමැති සමාජයේ එක් එක් කොටස් නොමඟ යැවීමටත් ගෞරවනීය ඔබ වහන්සේලා මගින් සමාජය තුළ යම් මතයක් ගොඩ නැගීමටත් කරන ලද අසත්‍ය ලියවිල්ලකි.

අපේ රටේ පිහිටීම ද ආසියානු කලාපය තුළ ඉතාම වටිනාකමක් ගෙන දෙන අතර අපට එහි ආර්ථික ප්‍රගතිය සඳහා හවුල්කරුවන් අවශ්‍ය වන අතර ජාත්‍යන්තර වේදිකාවෙන් හුදෙකලා විය නොහැක. ඇමරිකා එක්සත් ජනපදය ලොව සිටින ප්‍රධාන ආර්ථික බලවතෙක් වන අතර එහි නාවික බලය ඉතාම දියුණු මට්ටමක පවතින බැවින් සෝෆා: SOFA සහ ඇක්සා :ACSA-ගිවිසුම් තුළින් ශ්‍රී ලංකාව ආර්ථික වාණිජ කේන්ද්‍රස්ථානය වශයෙන් දියුණුකර ගත හැක.

මෙම ගිවිසුම අත්සන් කළ ද කිසිදු ආකාරයකින් රටකට මිලිටරි ක්‍රියාමාර්ගයක් ගත නොහැක.

ලෝකයේ රටවල් 94ක් මෙලෙස ගිවිසුම් ඇති කර ගෙනඇති අතර ඉන් ආසියාවේ සහ මැද පෙරදිග රටවල් 25ක් වේ. ඒඅතර දකුණු කොරියාව, සිංගප්පුරුව, ජපානය, ඉන්දියාව, කටාර්, ජෝර්දානය හා වෙනත් රටවල් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages