සජිත්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට රට පුරා ක්‍රියාත්මක සංවිධාන-පක්ෂ එක්වෙලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

සජිත්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට රට පුරා ක්‍රියාත්මක සංවිධාන-පක්ෂ එක්වෙලා

Author(s): 
උපාලි කරුණාරත්න

එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන විවිධ සංවිධාන, දේශපාලන පක්ෂ ගණනාවක් එක්වී සිටින බවත් ඉදිරි දින වලදී තවත් එක්වන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

තිස්ස අත්තනායක මහතා එසේ ප්‍රකාශ කළේ නැගෙනහිර පළාත කේන්ද්‍රකරගත් ජාතික විමුක්ති ජනතා පෙරමුණ, දකුණු පළාත නියෝජනය කරමින් ක්‍රියාත්මක වන රුහුණු ජාතික බලවේගය, කඳුරට ප්‍රදේශය නියෝජනය කරන සමස්ථ ලංකා ජනතා ප්‍රගතිශීලී පෙරමුණ, දේශය ගොඩනැගීමේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තාරුණ්‍යයට ප්‍රජාත්න්‍රවාදී හෙටක් සඳහා වූ තරුණ එකමුතුව සහ උතුරු දකුණ සහයෝගීතා තරුණ සමුලුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන බව දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. මෙය ඊයේ (10) පෙරවරුවේ කොළඹ වොක්ෂෝල් වීදිය පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා-

සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට අවසන් මොහොතට පැමිණ සිටිනවා. පාට පක්ෂ බේදයෙන් තොරව ඔහුට සහයෝගය දැක්වීම සඳහා කණ්ඩායම් එක්වෙමින් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය අතිශයින් සාර්ථකයි. අනිවාර්යයෙන්ම අපේ ජනාධිපති අපේක්ෂකවරයා ජයග්‍රහණය කරනවා. සෑම සමීක්ෂණයකින්ම ඒ පිළිබඳ තහවුරු වෙනවා.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සුවිශේෂී කරුණු ගණනාවක් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. රටට විශාල ආදායම් ලබා දෙන අපට විදේශ විනිමය එකතුකරන විදේශ ශ්‍රමිකයින් සඳහා විශේෂ යෝජනාවන්ද එහි ඇතුළත් කර තිබෙනවා.අපේ රටේ විශාල පිරිසක් මැදපෙරදිග ඇතුලු විවිධ රටවල සේවය කරනවා. මිලියන 66000ක් ඉක්ම වූ මුදලක් විදේශ ශ්‍රමිකයින් නිසා අපට ලැබෙනවා. ඔවුන් සඳහා නිසි වටිනාකමක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටිනවා. ඒ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔහු පොරොන්දු වෙනවා. මැදපෙරදිග සේවය කරන ගෘහ සේවිකාවන් සහ අනෙකුත් සේවාවන් වල යෙදෙන පුද්ගලයින්ට නොයෙක් ප්‍රශ්න තිබෙනවා. මොවුන් මෙන්ම අනිකුත් සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා සෑම තානාපති හෝ කන්සියුලර් කාර්යාලයකම නීති උපදේශකවරයෙකු බැවින් ඔවුන් වෙනුවෙන් පත් කරනවා. විදේශ රැකියා නියෝජිතායතන විධිමත් කරන්න කටයුතු කරනවා. අනේවාසික විදේශ මුදල් ගිණුම් වලින් සම්පූර්ණයෙන්ම බදු මුදල් ඉවත් කරන්නත් යෝජනා කරනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සිටින අය සඳහා ඔවුන්ගේ නිවාස ඉදි කිරීමට සහනදායී ක්‍රමයකට ණය ලබා දෙනවා. සංක්‍රමණික සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා වෙනවා. සංක්‍රමික සේවකයින් සඳහා මීට පෙර මෙවැනි දේ ක්‍රියාත්මක වුණේ නැහැ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීලනිපයේ කැස්බෑව නාගරික මන්ත්‍රී සුජීවා චන්ද්‍රසිරි මහත්මිය ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණයේදී තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතා බවයි. පසුගියදා පොහොට්ටුවේ රැළියකට සහභාගි වූ තරුණියක් දූෂණයට ලක් වීම පිළිබඳ එම පාර්ශ්වයේ කිසිවෙක් සංවේදි නොවූ බව ද සුජීවා චන්ද්‍රසිරි මහත්මිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට සහභාගි වූ අනෙකුත් පක්ෂ, සංවිධාන නියෝජිතයින්ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්සක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා උපරිමයෙන් ක්‍රියා කරන බවය.

ඡායාරූපය- රොෂාන් පිටිපන

No comments:

Post a Comment

Post Bottom Ad

Pages