ජාත්‍යන්තර පොපි දින සැමරුම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

ජාත්‍යන්තර පොපි දින සැමරුම

ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හට පොපි මලක් පැළඳවීම පසුගියදා (09) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් අග්‍රාමාත්‍යවරයා හට පොපි මල පැළඳවූ අතර ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ වාර්ෂික ප්‍රගති වාර්තාව ද එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ගරු මහා ලේකම් ලූතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, එම සංගමයේ භාණ්ඩාගාරික මේජර් ජේ.කේ.සී.එස්. කංකානම් මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අනුස්මරණ කමිටුවේ සාමාජිකයන් පිරිසක් සහභාගිවී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages