පසුගිය රජය සමයේ ඝාතන- පැහැරගැනීම් ගෝඨාභයගේ නියෝගයන්ට අනුව පහලින් සිටි අය ක්‍රියාත්මක කළා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

පසුගිය රජය සමයේ ඝාතන- පැහැරගැනීම් ගෝඨාභයගේ නියෝගයන්ට අනුව පහලින් සිටි අය ක්‍රියාත්මක කළා

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

සුදු වෑන් රථයක රියදුරකු බව කියන ඇන්ටනි ඩග්ලස් ප්‍රනාන්දු

පසුගිය රජය සමයේ සිදු වූ ඝාතන සහ පැහැරගැනීම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන්ට අනුව ඊට පහලින් සිටි අය ක්‍රියාත්මක කළ බව එකල සුදු වෑන් රථයක් රියදුරෙකු බව කියන ඇන්ටනි ඩග්ලස් ප්‍රනාන්දු මහතා පැවසිය.

එකල බුත්තල, වැල්ලවාය, කතරගම වැනි ප්‍රදේශවල සුදු වෑන්වලින් පැහැරගැනීම් හා ඝාතන සිදුවූ බවත් ඒවා බ්‍රිගේඩියර් වරයෙකු සහ මේජර් වරයෙකු යටතේ ක්‍රියාත්මක වු බවත් මේ ආකාරයේ දිවයිනේ විවිධ පළාත්වල වධකාගාර තිබු බවත් තමන් දන්නා බව කියා සිටියේය. පැහැර ගන්නා පුද්ගලයා පැහරගැනීමෙන් පසු ඇස් වසා සුදු වෑන් රථයකින් ගෙන යන බවත් අතර මගදී තවත් සුදුවෑන් රථයකට මාරු කරන බවද අනතුරුව මොණරාගල ප්‍රදේශයේ පිහිටි රහස් වධකාගාරයකට ඔවුන් ගෙන යන බවද එහිදී නියපොතු ගැලවීම් දත් ගැලවීම, ඇඟිලි කැපීම විවිධ තියුණු ආයුධ වලින් ඇණීම් කරමින් ප්‍රශ්න කරන අතර අනතුරුව ඝාතනය කර මොනරාගල කැලෑව මධ්‍යයේ ඇති කිඹුලන් ගහණ වැවකට දමන බවද කියා සිටි අතර තමන් ඒ වැව ඇති ස්ථානය නොදන්නා බවද කියා සිටියේය.

ඒ මහතා එසේ පැවසූවේ ඊයේ (10) කොළඹ හැව්ලොක් පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ප්‍රජාව කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාද සහභාගි විය.

සුදු වෑන් රථයකින් පැහරගෙන ගොස් නැවත නිදහස් වී පැමිණියැයි පවසන පුද්ගලයෙකුද මෙයට සහභාගි විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියා සිටියේ තමන් මැතිවරණ ව්‍යාපාරයට පමණක් සීමා නොවී පසුගිය රජයේ ඝාතන සියල්ල ගැන පරික්ෂණ පැවැත්වීම දිගටම සිදුකරන බවයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගැනීම් ආදී පසුගිය රජයේ පැහැරගැනීම් හා ඝාතන සියල්ල සිදුවුයේ කෙසේද සිදු කරේ කෙසේද යන්න සෙවිය යුතු බවත් නඩුවක් අවසන් වීමෙන් ඒ ඝාතන හා පැහැරගැනීම් පිළිබඳ සොයා බැලීම් කළයුතුව ඇති බවද කියා සිටියේය.

එදා ප්‍රභාකරන් සතුව තිබූ රත්ත්‍රන් ටොන් හත්දහසක සංචිතයට කුමක් වුවද කියා අදටත් නොදන්නා බවත් මේ සියල්ල සෙවීමේ නොනිමි අරගලය 17වෙනිදායින් පසුව ආරම්භ කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

මේ අවස්ථාවට පැමිණි පසුගිය රජයේ සුදු වෑන් රථයක රියදුරකු බව පවසන ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් මේ සියල්ල හෙළිදරව් කරන්නේ රට වෙනුවෙන් බවත් එකළ සිදුවූ ඝාතන සහ පැහැරගැනීම් සිදුවුයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන්ට අනුව පහල සිටි අය ඒවා ක්‍රියාත්මක කළ බවයි. එකල බුත්තල, වැල්ලවාය, කතරගම වැනි ප්‍රදේශවල සුදු වෑන්වලින් පැහැරගැනීම් හා ඝාතන සිදුවූ බවත් ඒවා බ්‍රිගේඩියර්වරයකු සහ මේජර්වරයකු යටතේ ක්‍රියාත්මක වූ බවත් මේ ආකාරයෙන් දිවයිනේ විවිධ පළාත්වල වධකාගාර තිබූ බව තමන් දන්නා බව කියා සිටියේය. පැහැර ගන්නා පුද්ගලයා පැහරගැනීමෙන් පසු ඇස් වසා සුදු වෑන් රථයකින් ගෙන යන බවත් අතර මගදී තවත් සුදුවෑන් රථයකට මාරු කරන බව ද අනතුරුව මොණරාගල ප්‍රදේශයේ පිහිටි රහස් වධකාගාරයකට ඔවුන් ගෙන යන බවද එහිදී නියපොතු ගැලවීම් දත් ගැලවීම, ඇඟිලි කැපීම විවිධ තියුණු ආයුධවලින් ඇණීම්කරමින් ප්‍රශ්න කරන අතර අනතුරුව ඝාතනය කර මොනරාගල කැලෑව මධ්‍යයේ ඇති කිඹුලන් ගහන වැවකට දමන බවද කියා සිටි අතර තමන් ඒ වැව ඇති ස්ථානය නොදන්නා බවද කියා සිටියේය.

මොනරාගල ඝාතන සිද්ධීන් සිදුවූ ස්ථානයේ ඡායාරූප ද පෙන්වූ ඔහු මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුවන අවස්ථාවක තමා සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නේ යැයිද කියා සිටියේය. මේ ඝාතනයන් සහ පැහැර ගැනීම්වලට පොලිසියේ සහ හමුදාවේ අය සම්බන්ධ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන් අනුව පහළ සිටින අය මේ ඝාතන සිදු කළ බවට තමන් කියා සිටින බව ද පැවසීය.

සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට ලක්වූ ත්‍රිරෝද රථ රියදුරකු වන අතුල සංජීව මදනායක මහතා මෙහිදී කියා සිටියේ තමන් 2013-10-17 දින රාගම දුම්රියපොළේදී සුදු වෑන් රථයකින් පැහැර ගැනීමකට ලක්වූ බවයි. තමන් එසේ පැහැර ගැනීමට ලක්වූයේ හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළෙඳ සැලකට ප්‍රභාකරන්ගේ රන් සහ යූරෝ මුදල් යාපනය සිට කොළඹට එන බස් රථයකින් උදෑසන ගෙන එන බවට එම වෙළෙඳ සැලේ රාජා නැමැති සේවකයෙක් පැවසූ බවත් ඒවා පැහැර ගැනීමට තමන්ට කටයුතු කරන ලෙස ඔහු කියූ බවත් නමුත් මේවා ගෝඨාභය රාජපක්ෂ මහතාට සල්ලි කර දීමට ගෙන එන බැවින් පරිස්සමෙන් පැහැර ගැනීම කරන ලෙස එම සේවකයා තමාට කියූ බවත් පැවසීය.

 

ඡායාරූප - කැලුම් ලියනගේ

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages