ගෑස් හිගයක් ඇතිවුණේ අපි මිල අඩු කල නිසයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-09

ගෑස් හිගයක් ඇතිවුණේ අපි මිල අඩු කල නිසයි

අඳුරු යුගයකට නැවත නොගොස් සංවර්ධනය ඉදිරියට රැගෙන යන්න දාසය වෙනිදා හංසයාට චන්දය දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා දෙනියාය ආසනයේ රැළිය අමතමින් මොරවකදී පැවසීය.

අද පවත්වන්නේ ජයග්‍රාහක රැලියක්.යලිත් අපේ ආණ්ඩුවක් ඇතිකරන යුගයක්.එහෙමනම් මොරවකට පැමිණි සියළුදෙනාටම ස්තුති කරනවා.අපි දාසයවෙනිදා චන්දෙ දෙන්නේ අපේ අනාගතයට.වෙන කාරණයකට නෙමෙයි .අපි මේ සංවර්ධනය ඉදිරියට ගෙනියනවාද? මේ නිදහස ඉදිරියට ගෙනියනවද? නැත්නම් ආපහු අඳුරු යුගයකට යනවද?අපේ අනාගතය නැතිකරගන්නවද සමහරු අහනවා මේ ආණ්ඩුව මොකක්ද කලේ කියලා.මම ඒ ගැන අලුතෙන් කියන්න උවමනා නැහැ.

අපි සමුර්ධි සහනාධාරය වැඩිකළා.මහපොළ ශිෂ්‍යාධාර වැඩි කළා.පාසල් සිසුන්ට නොමිලේ වෛද්‍ය රක්ෂණය ලබලා දුන්නා.භික්ෂුන් වහන්සේලාට නොමිලේ රක්ෂණය ලබා දුන්නා.මංමාවත් යටතේ මාවත් දියුණු කළා.ගම්පෙරලිය යටතේ ගමේ සංවර්ධනය දියුණු කළා.අපි මේ රටට එන සංචාරකයින් සංඛ්‍යාව දෙගුණයක් කළා.

අපි විශේෂයෙන්ම ලඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අලුත් පාසල් ගොඩනැගිලි ලබා දුන්නා.උපකරණ ලබලා දුන්නා.පාසල් අධ්‍යාපනය දියුණු කළා.උසස් අධ්‍යාපනය දියුණු කළා.අලුත් පීඨ දහතුනක් ආරම්භකලා.අපි විශ්ව විද්‍යාලයට අලුත් නිවාස හාරසීයක් ලබා දුන්නා.අන්න එහෙම හැමකෙනාටම බලපාන වැඩ කටයුතු කරලා තියෙනවා.

අපි නිදහස් කොමිෂන් සභා ඇතිකළා.අධිකරණයේ ස්වාධීනත්වය ඇති කළා.අධිකරණයට ,පොලිසියට ,මැතිවරණ කොමිසමට සාධාරණත්වය ලබාදුන්නා.මාධ්‍ය නිදහස ලබාදුන්නා.තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දුන්නා.ඒ නිදහස් සමාජය නිසා අද හිතට නිදහස් හා සාධාරණ මැතිවරණයක් අද ලංකාවේ පවත්වනවා කියලා මට කියන්න පුළුවන්.අපි සුදු වෑන් නැවැත්තුවා.

දැන් සමහරු කතා කරනවා ජීවන වියදම ගැන.මම රුපියල් එකසිය හැට දෙකට තිබුණු පෙට්‍රල් එකසිය තිස්හතක් කළා.එකසිය දහඅටට තිබුණු ඩීසල් ලීටරය රුපියල් එකසිය හතරයි.එකසිය දහයට තිබුණු භූමිතෙ ල් අද රුපියල් අනුවයි.පරිප්පු කිලෝ ග්රෑම් එක එදා දෙසීය හතළිහයි.අද එකසිය විස්සයි.කිරි පිටි රුපියල් හාරසිය දහයයි.අද තුන්සිය හතලිස් පහයි,සීනී එදා එකසිය විස්සයි අද සීයයි.සමන් එදා දේශීය හැත්තෑ පහයි.අද එකසිය අනුවයි.මම අහන්නේ එදා තෙල් මිල බඩු මිල අඩු කරන්න බැරි ආණ්ඩුවට දැන් මේ යට පුලුවන්ද කියලා මම අහනවා.මම අහන්න කැමතියි ඒ අයට බැරිවුණු දෙදහස් පහලව වනතෙක් කරන්න බැරිවුනේ මොකද කියලා.

අපි දෙදහස් පහලවේ බදු මිල අඩු කළා.දැන් වෙලා තියෙන්නේ අපි බදු මිල අඩු කරනකොට බඩු වල හිඟයක් තියෙනවා.

අපේ ගෘහස්ථ ගෑස් මිල එදා එක්දහස් දෙසීය හැටපහයි.අපි රුපියල් දේශීය හතළිහකින් පසුගිය දවසේ අඩු කළා.දැන් විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා.විශාල හිඟයක් ඇතිවෙලා තියෙනවා.අපි ඒ හිඟයට වැඩිපුර ගෑස් ගෙනාවා කියලා මම කියන්න කැමතියි.

අපි රජයේ සේවකයින්ගේ පඩි එකසිය හතකින් වැඩි කළා.පුද්ගලික අංශයේ පඩි ඒ වගේම වැඩි කළා.ආදායම වැඩි වුනා.වැඩිපුර අදායමක් අපිට ලබා දෙන්න පුළුවන් වුනා.දැන් මේක කරන්න බැරිවුනා.

අවුරුදු දහයක් ඉඳලා මේ වැඩකටයුත්ත මහින්ද රාජපක්ෂටවත්,ගෝටාභය රාජපක්ෂටවත් මේක කරන්න බැරි වුනා.මම දැන් අහන්නේ එදා බදු මිල අඩු කරන්න බැරි වුනු ගෝටාභය රාජපක්ෂ ට අද බඩු මිල අඩු කරන්න පුලුවන්ද කියලා හිතන්න.එදා තෙල් මිල බඩු මිල අඩු කලේ නැහැ.ඔබේ බඩට ගැහුවා.දැන් කොහොමද බදු මිල අඩු කරන්නේ කියලා මම අහන්නේ.ඒ අයට පඩි වැඩි කරන්න බැරි වුනා.අපි තමයි පඩි වැඩි කලේ.එහෙමනම් ජීවන වියදම ගැන අද කතා කරන්න පුලුවන්ද කියලා මම ගෝටභය රාජපක්ෂගෙන් අහනවා.මම එකක් කියනවා.ඊළඟ අවුරුදු පහේදී වෙනත් භාණ්ඩ තියෙන ඒවා එමිලත් පාලනය කරලා සාධාරණ මිලකට ලබා දෙන්න අපි ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි.අන්න එහෙම දියුණුවක් අපි ඇති කලේ.අපි බලන්න හම්බන්තොට වරාය අපිට අලාභ වුනා.අපිට ඒ ආලාබේ ගෙවන්න වුනා අපි දැන් තමයි හම්බන්තොට වරායේ නය ගෙවන්නේ.අපේ වරාය අධිකාරියයි චීන සමාගමයිඑකට එකතුවෙලා කිසිම බයක් නැතුව අපිට මුදල් දීලා ඒ අය අලාභ අරගෙන වැඩ කටයුතු කරගෙන යනවා.දැන් අනාගතයට යන්න අවස්තාව ලබාදෙන්න.අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළා.අපිට හැකිවුනා මහනුවර ඉඳන් හම්බන්තොටට මාර්ග පද්ධතියක් ඇති කරන්න.

කොළඹ කඩවත කොළඹ කඩවත වටරවුම් පාර විවුර්ත කරන්නන්නේ අපි කරපු වැඩ නිසයි නිසයි කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි.මම අහන්න කැමතියි මොකක්ද මේ අය ඔබේ අනාගතයට කරලා තියෙන්නේ කියලා.කඩා වැටුණු ආර්ථිකය අරගෙන අපි ඒක හදලා දැන් ඔබේ අනාගතය වෙනුවෙන් වැඩසටහනක් කරගෙන යනවා.පුලුවන්ද එක කරන්න ගෝටභයට හරි මහින්ද රාජපක්ෂට හරි.එහෙනම් ඇයි ජනතාව මුලා කරන්නේ කියලා මම අහනවා.

අපි දැන් තේ කර්මාන්තය දියුණු කරන්න තියෙන්නවා.නැවත වගා කරන්න අපි සහනාධාර දෙනවා.තියෙන ප්‍රමාණය වැඩි කරන්න තියෙනවා.තේ මිල උස්සන්න තියෙනවා.තේ නිෂ්පාදනය විධ්‍යනුකුලව කරන්න තියෙනවා.එතකොට තමයි මේ ප්‍රදේශයේ තේ අදායම වැඩිවෙන්නේ.හොඳ ආදායමක් ලැබෙන්නෙත් කියන එකයි අපිට ඊලඟ අවුරුදු පහේ කරන්න තියෙනවා නැවත තේ වගා කරන්නන්න්ට මුදල් ටිකක් දෙන්න තියෙනවා.ඒ වගේම තමයි අපි ජීවත්වෙනවානම් කෘෂිකර්මාන්තය වගේම සංචාරක ව්‍යාපාරයත් දියුණු කරන්න අද අපි විශාල වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා.

මහනුවර ඉඳන් කොළඹටත් කොළඹ ඉඳන් හම්බන්තොටටත් මාර්ග පද්දතියක් පටන් ගන්න තියෙනවා.දකුණු අධිවේග මාර්ගය මාතර සිට හම්බන්තොටට මහින්ද රාජපක්ෂ යෝජනා කලාට මුදල් ලබා දුන්නේ අපි කියා මම කියන්න කැමතියි.නැතිනම් ඒ මාර්ගයත් නෑ.මහනුවර ඉඳන් හම්බන්තොටට පැය හතරයි.මේ මාර්ගය දෙපැත්තේ තමයි අපි විශාල සංවර්ධනයක් ඇති කරන්නේ.දැනටමත් බිංගිරියේ අක්කර දාහක් වෙන්කරලා තියෙනවා.කර්මාන්ත කලාපයක් ආරම්භ කරන්න.

අනිත් කොනේ හම්බන්තොටට සජිත් ඇමතිතුමා අක්කර දහදාහක් රජයට මහවැලියෙන් අරගෙන තියෙනවා.දකුණු ආසියාවේ විශාලම වෙළඳ කලාපයක් ආරම්භ කරන්න කඳුකර ප්‍රදේශයේත් අක්කර දාහක් ආරම්භ කරන්න තියෙනවා.ඒ වගේම දකුනු ප්‍රදේශයට අක්කර දහදාහක් තියෙනවා.මත්තල ගුවන්තොටුපල එන අවුරුද්දේ ඉන්දියන් රජයයි අපේ රජයයි අපේ රජයයි එකතු වෙලා මේක ක්‍රියාත්මක කරන්න ඉන්දියන් ගුවන් අධිකාරිය මේ රජයේ ගුවන් අධිකාරියයි තීරණය කරලා තියෙනවා.එවිට එතනට සංචාරකයින් එන්න පටන් ගන්නවා.අන්න එහෙම සැලැස්මක් තියෙන්නේ අපිට විතරයි.අපිට විතරයි ඉදිරියට ගෙනියන්න පුළුවන් .ඒ නිසා නොවැම්බර් දාසය වෙනිදා හංසයාට චන්දය දෙන්න කියලා මා කියන්න කැමතියි.ලෙස පැවසීය.

– ප‍්‍රියංක ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages