විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල්යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-04

විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 17 වන දා දක්වා කල් තැබීණ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝගයකට අනුවයි.

කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුවේ ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද්රාද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් 2016 වසරේ පෙබරවාරි 6 වැනිදා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේදී හැව්ලොක් මාර්ගය අවහිර කරමින් මහජනතාවට අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත වීමයි.

ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය එහි සෙසු විත්තිකරුවෝ වෙති.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages