රාජපක්ෂ කණ්ඩායමේ දෙබිඩි පිළිවෙත ජනතාව අවබෝධ කරගත යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

රාජපක්ෂ කණ්ඩායමේ දෙබිඩි පිළිවෙත ජනතාව අවබෝධ කරගත යුතුයි

Author(s): 
උපාලි කරුණාරත්න

කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ

රාජපක්ෂ කණ්ඩායමේ දෙබිඩි පිළිවෙත ජනතාව හොදින් අවබෝධ කරගත යුතු බවත් සජිත් ප්‍රේමදාස යනු පන්සිල් පද පහ රකින නායකයකු බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ (කැබිනට් නොවන) ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (10) කොළඹ කොම්පඤ්ඤවීදිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධය හමුවේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුවලට පිළිතුරු ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ (කැබිනට් නොවන) ඇමැති අජිත් පී පෙරේරා මහතා මේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඉල්ලා සිටියේය. තම පාක්ෂිකයකුට හෝ පාක්ෂිකාවකට අනතුරක් ගැටලුවක් සිදුවුණා නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සොයා බලන බව පැවසූ අජිත් පී පෙරේරා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැනි පුරුද්දක් නැති බව පසුගියදා තමන්ගේම පක්ෂයේ පුද්ගලයකු විසින් විශාල අනතුරකට මුහුණ දුන් කාන්තාව පිළිබදව සොයා නොබැලීමෙන් පෙනී යන බවද කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා,

ජනාධිපතිවරණයට තවම දින කිහිපයයි තිබෙන්නෙ.ජනතාව නිවැරැදි තීන්දුවක් ගත යුතුයි.රජපක්ෂ කණ්ඩායමේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් අප අවබෝධයක් ලබා ගත යුතුයි. ඔවුන් ජාතිවාදය අවුස්සමින් නැවතත් දේශපාලන බලය ලබා ගැනීමට විශාල උත්සාහයක යෙදෙනවා. නුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ප්‍රතිශතය අඩු නිසා එය වැඩි කිරීමට මුස්ලිම් ජනතාව කටයුතු කළහොත් මාලිගාව ආසන්නයේ මුස්ලිම් පාසැලක් ලබා දෙන බව පොහොට්ටුවේ දේශපාලනඥයින් පොරොන්දු දෙනවා. ඒ අතරම හිස්බුල්ලාටත් ඔවුන් පොරොන්දු දෙනවා කාත්තන්කුඩිය ප්‍රදේශයේ වෙනම මුස්ලිම් නගර සභාවක් සහ වෙනම පහසුකම් ලබා දෙන බව. සජීන් වාස් මහතා බොහෝ දේ අනාවරණය කළා. ඇතැම් බොහෝ දේ ඔප්පු කරන්න කාලයක් යනවා. අතැම් දේ ඔප්පු කරන්න අමාරුයි. ඉදිරියේදී නීති අංශ නිසි ලෙස ක්‍රියාත්මක වෙයි කියා අප බලාපොරොත්තු වනවා. රාජපක්ෂ පාලනයේ සිදුවූ දූෂණ පිළිබදව ජනතා අධිකරණයද තීන්දු කළ යුතුයි.

සහරාන් නැමැති කාලකන්නි මනුෂ්‍යයෙක් රාජපක්ෂ කණ්ඩායමට දේශපාලන හුස්මක් ලබා දුන්නා. රාජපක්ෂ පවුලටද විවිධ චෝදනා තිබෙනවා. ඔවුන් ජාතිවාදයෙන් දේශපාලනය කරනවා. මහින්දානන්ද මහත්මයා මුස්ලිම් ජනතාවට විවිධ දේ පවසනවා. ඊලාම් කොඩිය ඉස්සූ වර්ධරාජා පෙරුමාල්, කරුණා අම්මාන් අද රාජපක්ෂ කණ්ඩායමේ හිතවතුන්. පිල්ලෙයාන්ද, හිස්බුල්ලාද ඒ අතර සිටිනවා. කේ.පී ගෙ නැව් දොළහට සිදුවුණේ කුමක්ද. බිස්නස් කරන විට ඔවුන්ට ජාතිවාදය නැහැ. ඡන්දයක් පැමිණෙන විට රාජපක්ෂ කණ්ඩායමේ ජාතිවාදය එළියට එනවා. රාජපක්ෂවරු ඇතැමුන්ගේ ෆයිල් තබාගෙන ඇතැමුන් බ්ලැක් මේල් කළා. මාෆියා සංවිධානයක් පාලනය කරන අන්දමටයි රාජපක්ෂවරු තමන් යටතේ සිටින කණ්ඩායම පාලනය කළේ.

ජාතිවාදය ලෙහෙසියෙන් අලෙවි කරන්න පුළුවන්. ජාතික සමගිය සහ රට සංවර්ධනය කරන කාර්යය ඔලුවෙන් කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුදුසුකම් සම්බන්දයෙන් විශාල ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඇමරිකානු පෙඩරල් ලිස්ට් එකේ එතුමාගේ නම නොමැති බවටයි මේ වන විට අපට කරුණු අනාවරණය වී තිබෙන්නෙ. ගෝඨාභය මහත්මයා ඇමරිකානු පුරවැසි භාවය අත්හල බවට මේ වන විට කිසිම සාදකයක් නැහැ. ඒ නිසා එතුමාට තරඟ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඒ නිසා ඇමරිකානු ජාතිකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් වනවාද කියා අපට අසන්නට සිදුවෙනවා. බලවත් රාජ්‍යයක් වූ ඇමරිකාව සමඟ අප ගනුදෙනු කරන්නෙ ඉතා නීත්‍යානුකූලව. ලංකාවට අවාසි ගිවිසුම් වලට එළඹෙන්නේ නැතිබව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා. පවතින විවිද දුර්මත අප ඉදිරියේදී නැති කරනවා. ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවෙයි.

ඇමැති අජිත් පී පෙරේරා මහතා -

අප ගෝඨාභයව ජනතා අධිකරණයේ දී පරාජය කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැක්කේ ශ්‍රී ලංකාවේ පුරවැසියකුට පමණයි. ඔහු 2005 දී ඔහුගේ සහෝදරයා බලයට පත් වීමත් සමඟ පුරවැසිභාවය ලබාගැනීම පිළිබඳව අනුගමනය කළ ක්‍රියා පිළිවෙත වංචනිකයි. නිසි අයදුම්පතක් ඉදිරිපත් කළේ නැහැ. මහාචාර්ය තේනුවර පවරපු නඩුවේදී එම නඩු තීන්දුවේ කිසිම තැනක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු බව තීරණය කර නැත.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගෙන් ප්‍රශ්න කීපයකට උත්තර බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉදිරිපත් කළ අයදුම්පතේ අංකය කුමක්ද. ද්විත්ව පුරවැසි භාවය සඳහා මුදල් ගෙවන ලද්දේ කවදාද. මුදල් ගෙවූ රිසිට්පත ඉදිරිපත් කරනවාද. අදාළ අයදුම්පතේ නිරවද්‍යභාවය තහවුරු කර තිබෙනවාද. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ බව කියන අයදුම්පත අතුරුදන් වූයේ කෙසේද ප්‍රශ්නවලට පිළිතුරු මා බලාපොරොත්තු වනවා. ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සහතිකයේ මුල් පිටපත පෙන්වනනෙ නැත්තෙ ඇයි. මුල් පිටපත කිසිම රාජ්‍ය ආයතනයකට ඉදිරිපත් නොකලෙ ඇයි. මේ කාරණා අප කියන්නෙ රටේ ජනතාවගේ දැන ගැනීමට.

16 දින අප ගෝඨාභය මහත්මයා පරාජය කරනවා.ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්දව තිබෙන ගැටලුවලට ඔහු පැමිණ පිළිතුරු ලබාදිය යුතුයි.වසන්ත සේනානායක කවුරුන්ද කියා රටේ හැමෝම දන්නවා. අද ජනතාව ඔහුව ගණන් ගන්නේ නැහැ.

ඡායාරූපය- රොෂාන් පිටිපන

No comments:

Post a Comment

Post Bottom Ad

Pages