මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට තැතකල සැකකරුවන් පිරිසක් දැලේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-06

මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට තැතකල සැකකරුවන් පිරිසක් දැලේ

නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ප්‍රංශය බලා යාමට තැත්කල පුද්ගලින් 06 දෙනෙකු ඔවුන් පැමිණි කැබ් රථයක් සමග හලාවත වැල්ල මෝයකට අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම සැකකරුවන් ප්‍රංශයට රැගෙන යාමට සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටු 02ක් හා ටෝලර් යාත්‍රාවක් පොලිස් නිලධාරීන් දැක පළාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
නාවික හමුදා නිලධාරීන්ට ලද තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන් හා හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 32 අතර වයස් වල පසුවන බත්තුළුඔය, උඩප්පුව, ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. 
 
සැකකරුවන් අද(06) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වාගෙනු ලබයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages