සිරිකොතේ මහ අරගලයක්..! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

සිරිකොතේ මහ අරගලයක්..!

සමික්ෂණ වාර්තා ඇවිත් තියෙනවා 59 % ජනතා කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. අපිට කියන්න තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි පව් සජිත්,දුකයි සජිත්,මේ මිනිහා දේශපාලනයෙන් ඉවර කරන්න තමයි රනිල් සුදානම් වෙන්නේ. දැන් මහා අරගලයක්ලු සිරිකොතේ විපක්ෂ නායක කමට. පරාජය පිළිගෙන ඉවරයි.ජනාධිපතිවරණයට ඉල්ලන කෙනා මොකටද විපක්ෂ නායක කම ගැන කතා කරන්නනේ .පරාජය පිළිගෙන ඉවරයි.ඉතිං පව් කියන්නැතිව වෙන මොනවද කියන්නේ.මාත් එක්ක පාර්ලිමේන්තුවේ හිටපු සගය.දුකයි සජිත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සි.බි රත්නායක සමතා පවසයි.

මන්ත්‍රිවරයා එසේ පැවසුවේ තලවාකැලේ ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සදහා පැවති පොකුරු රැස්විමක් සදහා පැමිණ සිටි ජනතාව අමතමින්ය.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.

දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක තුමා පුද්ගලයෙකුට දොස් කියනවද.එතුමගේ අරමුණ මේ මාතෘ භූමිය, මේ ශ්‍රි ලංකාව ,වැටිලා තියෙන මේ අගාධයෙන් ශ්‍රි ලංකාව ගොඩ ගැනිම .ඒක නේද අපිට වෙන්න ඕන.ආර්ථික ,සමාජ,දේශපාලන මට්ටමෙන් අපි පල්ලෙහාට වැටිලා ඉවරයි.

අපි රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව භාර දෙනකොට ඩොලර් එක 132යි.අද 182 යි.මේ සහෝදරියෝ දන්නවා මහින්ද මහත්තයා මේ ආණිඩුව බාර දෙනකොට ලුණු පැකට් එකක් කියද.රුලියල් 30 ට නේද තිබ්බේ.වටේටම මුහුද තියෙනවා නේද ,ලුණු ටික දිගන්න බැරි ආණ්ඩුව,හාල් ,පොල් ,බි ළුණු ගැන කතා කරනවට වඩා ඊට එහා ගිය තැනක් තියෙනවා අපිට කතා කරන්න.අද රටේ තියෙනවා දැවෙන ප්‍රශ්නයක්.මේ ප්‍රශ්නය දිහා බලන්න ඕන පාට පක්ෂ කණ්නාඩි වලින් නෙවෙයි.මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕන මාතෘ භූමිය රැක ගන්නවද නැන්ද කියලා.සිංහල,දෙමළ,මුස්ලිම් එකට ජීවත් වෙනවනම්,මේ මහ පොලවට ආදරය කරනවනම්,ගහ කොලයට ආදරය කරනවනම්.එවා රැකගෙන අපි දෙන්නේ අනාගත පරපරට නම්, අනාගත පරපුරට බාර දෙන්න අපිට ශ්‍රි ලංකාවක් තියෙන්න ඕන .ඒ ශ්‍රි ලංකාව අද විදේශිය ආක්‍රමණයකට නැත්නම් විදේශයකට ගිවිසුම් මගින් දෙනවනම් .M C C කියලා ගිවිසුමක් ගහල එහි ඇති කිසිවක් ජනතාවට හෙලි නොකර දෙන්න හදනවා නම්.ඊට විරුද්ධව උඩුදුම්බර හාමුදුරුවෝ ඉඳගත්තා නිදහස් චතුරශ්‍රයේ .උන් වහන්සේ නැගිට්ටේ ඡන්දය පහු වෙනකල් අත්සන් කරන්නනේ නෑ කියලා පොරොන්දු වන නිසා.ඒ වෙලාවේ මංගල සමරවීර මොංගල් කතාවක් කිව්වා.

ලෙමන් ෆප් උපවාසය කියලා.රනිල් වික්‍රමසිංහ තවත් කතාවක් කියලා තියෙනවා.මේවා ආවට ගියාට කියන කතා නෙවෙයි .ඒ උපවාසය අත්හරින්න කියලා බැගෑපත්වුනේ ඇයි.මේ මිනිස්සුන්ට දරුවෙක් මල්ලලෙක් නෑ.අම්මෙක් අප්පෙක් ගැන වේදනාවක් තියෙනවද ?මේ වගේ චරිත කීයක් තියෙනවද එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් එකේ.සමනල්ලු කියලත් කිවනවා.මේ මිනිස්සු රටේ මිනිස්සු ගැන කතා නොකරන්නේ උන්ට රටක් ඕන නෑ.ඒක නිසා රුපියල් ශත වලට වාල් වෙලා රාජ්‍ය නොවන සංවිධාන වලට මේ රට පාලනය කරන්න.ජන ජිවිතය අඩාල කරන්න දුප්පත් මිනිසාගේ අයිතිය උදුරා ගන්න මේ ගිවිසුම් මගින් සුදානම් වෙනවා.

අද මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් පෙරමුණු හැටියට යනකොට අපිට හම්බවෙලා තියෙන අපේක්ෂකයා සුපර් මෑන් කොනෙක්,හැබැයි අවුරුදු හතරක් කැබිනට් ඇමතිවරයෙක් විදියට ඉඳලා ඊයේ ඉපදුන කෙනෙක් වගේ කතා කරන සජිත් ප්‍රේමදාස එයා පෑඩ් මෑන් කෙනෙක්.අපේ සුපර් මෑන් කිවනවා ජාතික ආරක්ෂාව දෙනවා කියලා.පෑඩ් මෑන් කියනවා සනීපාරක්ෂාව දෙන්නම් කියලා.මේක තමයි වෙනස.ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය බලාගයි.ඒකට තමයි රටක සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙන්නේ.ඒක හිරියාකාරව ක්‍රියාත්මක වෙනවද බලන්න ඇමතිවරයෙක් ඉන්නවා.ලේකම් වරයෙක් ඉන්නවා.එහෙම නැතුව මිනිස්සු අතරින් ඔක්සිජන් ගන්න.වාතය ගන්න.ස්ටේජ් වලින් පනින්න.රැට රැට ගෙවල් වලට එන්න.ඩයිනමෝව වැඩ කරනවද බලන්න.ගෙර ඉදලා බොත්තම ඔබන්න ජනාධිපතිවරු ඕනද අපිට.අපිට ඕන රට සුරක්ෂිත කරන්න.රටේ ආර්ථිකය නංවන්න,දරුවන්ගේ අනාගතය බාරගන්න දැවැන්ත නායකයෙක් නේද අපිට අවශ්‍ය සිංහල දෙමල මුස්ලිම් සියළු දෙනාටම.

ගොඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපති හැටියට දිවුරුම් දෙනකොට නොවැම්බර් 18 වෙනිදා උපන්දිනයක් තියෙනවා ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ .අපි එතුමට උපන්දින තෑග්ගක් දෙනවා අගමැති හැටියට දිව්රුම් දිම යනුවෙන් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages