අනුරට එක දීලා ඕනෙම අය ඕනෙ කෙනෙක්ට දෙවනි මනාපය දෙන්න - ලාල්කාන්ත - සජිත්ට ද? ගෝඨාටද ? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-05

අනුරට එක දීලා ඕනෙම අය ඕනෙ කෙනෙක්ට දෙවනි මනාපය දෙන්න - ලාල්කාන්ත - සජිත්ට ද? ගෝඨාටද ?

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය භාවිතා කිරීමේ වුවමනාව ඇතත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ වෙනත් අයකු බලයට ඒදැයි සැකයෙන් පසුවන අය සිටී නම් පළමු මනාපය මාලිමාව ඉදිරියේ සලකුණු කර දෙවැනි මනාපය වෙනත් අයකුට ලබාදීම ගැටළුවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය නොවැම්බර් 02 වනදා ඇඹිලිපිටියේදී පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැළියක් අමතමිනි. 

"අනුර සහෝදරයට ඡන්දෙ දෙන අය, වෙන තර්ක විතර්ක නැතුව, අනිත් ඔක්කෝම අත් ඇරලා දාලා එහෙන් මෙහෙන් කෑලි මොකවත් නැතුව සම්පූර්ණයෙන් සුද්ද වෙලා එන අය කතා කරන්න දෙයක් නෑ අනුර සහෝදරයාට කතිරෙ ගහනවා මාලිමාව ඉස්සරහින්. 

හැබැයි අපට එහෙම නොවෙන අයත් ඉඳලා හිටලා පොඩ්ඩක් හම්බෙනවා. ඕගොල්ලන්ට හම්බෙනවද දන්නෙ නෑ. අපට ඡන්දයක් දෙන්න ඕනෙ, ඒක තමයි දැන් මේ වෙනකොට කල්පනා කරන්නෙ. හැබැයි දෙන ගමන්ම කල්පනා කරනවා ගෝඨා එයිද ? පොඩ්ඩක් හරි මේක මිස්වෙලා අරයා එයිද ? පොඩ්ඩක් හරි මේක මිස්වෙලා අනිකා එයිද ? ඕං ඔහොම සාකච්ඡා තියෙනවා. 

ඉතිං අපට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපිට එක දීලා, අනුර සහෝදරයට එක දීලා, මාලිමාවට එක දීලා, ඔය දෙක හරි තුන හරි ඕනෙ එකක් කාට ගහගත්තත් අපට කමක් නෑ, ඕනෙ කෙනෙකුට ගහගන්න කියලා කියන්න කවුරුහරි එහෙම ඇහුවොත්. ඇහුවොත් විතරයි. 

එහෙම පොඩ්ඩක් එක එක එක එක දෙගිඩියාවල් තියෙන අය ඉන්නවා. ඒනිසා ඒ අයට කියන්න අනුර සහෝදරයාට එක ගහලා අරයට ඕනෙ නම් අරයට ගහගන්න - නැත්තම් අනිත් එක්කෙනාට ගහගන්න. එයා පරද්දන්න ඕනෙ නම් මෙයාට ගහගන්න, මෙයා පරද්දන්න ඕනෙ නම් එයාට ගහගන්න. ඕනෙ කෙනෙකුට ගහගන්න, හැබැයි අපි ජනතාවට කියන්න ඕනෙ අංක එක අනුර දිසානායක සහෝදරයාට පාවිච්චි කිරීමෙන් තමයි ජාතික ජනබලවේගය ශක්තිමත්ව ඉදිරියට ගන්න ඒ ඡන්දදායකයාට පුළුවන් වෙන්නෙ. රටට අද මේ ව්‍යාපාරය අවශ්‍යයයි. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages