කුකුළු පැටවුන් වෙළෙඳ පොළට නිකුත් කරන මහා පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ජාවාරම් ක්‍රියාවක් හේතුවෙන් බිත්තර මිල හා පැටවුන් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව කුඩා පරිමාණ හා ස්වයං රැකියාලාභී කුකුළු ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
මෙම ජාවාරම්කරුවන්ට සහායක් වශයෙන් විදේශ රටවලින් කුකුළු පැටවුන් ගෙන්වීම හා මව් සතුන් ගෙන්වීම සීමා කිරීමට බලධාරීන් විසින් කටයුතු කර තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.
මව් සතුන් ගෙන්වීම සීමා කිරීම නිසා එහි වාසියක්, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ලැබී තිබෙන බවත්, මේ නිසා කුකුළු පැටවුන් වෙළෙඳ පොළට නිකුත් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම පිරිස් සඳහන් කරති.
The post බිත්තර මිල ඉහළට. appeared first on Lanka News Column.
No comments:
Post a Comment