IS නායකයාගේ සොහොයුරිය තුර්කි හමුදා අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-05

IS නායකයාගේ සොහොයුරිය තුර්කි හමුදා අත්අඩංගුවට

අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඩ් නැමැත්තියව අත්අඩංගුවට ගෙන ඇත.
 
උතුරුදිග සිරියාවේ අසාස් නගරයේදී බග්ඩාඩිගේ සොහොයුරිය අත්අඩංගුවට ගනු ලැබූ බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත. ඊයේ දිනයේ දී 65 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මෙම සැකකාරියගේ සැමියා සහ ලේලියගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවත් , අයි.එස්. සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු රැසක් ඇය වෙතින් හෙළිදරව් කර ගැනීමට හැකි වනු ඇති බවට තුර්කි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.
 
පසුගිය දා සිරියාවේ අමෙරිකානු හමුදා සිදුකළ මෙහෙයුමක් අතරතුර අබුබකර් අල් බග්ඩාඩි සියදිවි නසා ගත්තේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages