ජනතාවට බදු සහන දීමෙන් ආයෝජන ඉහළ යනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-02

ජනතාවට බදු සහන දීමෙන් ආයෝජන ඉහළ යනවා

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල

ජනතාවට බදු සහන ලබා දීම තුළ රුපියල් බිලියන 500ක් 550ක ප්‍රමාණයක් රටට අහිමි වුවත් රටෙහි මුදල් ගැවසෙමින් ඉදිකිරීම් ඉහළ ගොස් අයෝජන විශාල වශයෙන් රටට හිමිවනු ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ රටෙහි බදු ප්‍රමාණය ට්‍රිලියනයක් වුවත් පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ එය ට්‍රිලියන 2.2 දක්වා ඉහළ ගිය බවත් එහෙත් රටෙහි සංවර්ධනය, ආර්ථිකය එම කාලයේ දැවැන්ත කඩා වැටීමකට ලක්වූ බවත් ඒ මහතා කීය.

ඒ මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු පෙරේදා (30) උදෑසන ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිදු වැදපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මේ බව කීය. ඇමැතිවරයා රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් එහි විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

බදු ආදායම ට්‍රිලියනයක් තිබූ වකවානුවේ නිසි කළමනාකරණ වැඩපිළිවෙළකින් රට ගෙන ගිය බවත් එහෙත් ඉන් පසු බදු දෙගුණයකට වඩා වැඩි වුවත් රටේ සංවර්ධනයක් හෝ ආර්ථිකයේ ඉහළ යෑමක් හෝ සිදු නොවූ බවත් ඇමැතිවරයා කීය.

එදා 2005 දී මහින්ද මහතා රට භාර ගන්නා වකවානුවේ රටෙහි මුළු වටිනාකම ඩොලර් බිලියන 23ක් වූ බවද එය රට භාර දෙන විට ඩොලර් බිලියන 82 දක්වා ඉහළට ගෙන ගිය බවද රඹුක්වැල්ල මහතා පැවසීය.

කළමනාකරණ දෝෂ මත එදා රට කඩා වැටුණු බවත් සංවර්ධනය ඇණ හිට, ආයෝජන නැවතී බැංකු පොලිය පමණක් එදා ආණ්ඩු සමයේ ඉහළ ගිය බවත් ඒ අනුව 9% ක් තිබූ බැංකු පොලිය 18%-20% දක්වා වැඩි වූ බවත් හෙතෙම කීය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද පැවසීය.

තව දුරටත් ණය පදනම්ව මේ රට දුවන්න බෑ. මේ රටට අයෝජකයන්ගේ පැමිණීම ඉතාම අත්‍යාවශ්‍යයි. ඔවුන්ගේ පැමිණීමට තිබුණු බාධා කිහිපයකි. ඉන් පළමු වැන්න ජාතික ආරක්ෂාවයි. ජාතික ආරක්ෂාවක් නැති තැනකට කිසිම අවස්ථාවක අයෝජකයකු පැමිණෙන්නේ නෑ. දෙවැන්න දේශපාලන ස්ථාවරත්වය. මේ කරුණු දෙකම අපට සැපිරීමට අද හැකි වී තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා වඩාත් ස්ථාවර පාර්ලිමේන්තුවක් සැකසීමෙන් දේශපාලන ස්ථාවරත්වය තවත් වඩාත් ශක්තිමත් වේවි. පසුගිය කාලයේ දියාරු තත්ත්වයක තිබූ ජාතික ආරක්ෂාව මේ වන විට නිවැරැදි තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා. ඒ නිසා අයෝජකයන් සහ සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛ ස්ථාන ගන්නා කරුණු දෙකක් හැටියටයි අපි හඳුනා ගන්නේ. ඒ නිසා ඉතා වැදගත් අමාත්‍යාංශයක් ලෙස සැලකෙන නිසයි මේ අමාත්‍යාංශය ජනාධිපතිවරයා හා අගමැතිවරයා මට භාර දීලා ඒ සම්බන්ධ ඉලක්ක වගයක් ලබා දී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් මහනුවර ඉලක්කයන් වී ඇත්තේ මහනුවර කොළඹ අධිවේගී මාර්ගය, මෙවැනි අධිවේගී මාර්ග රටට ලාභදායි ව්‍යාපෘති බවට පත්ව තිබෙනවා. නොරොච්චෝලේ විදුලි බලාගාරය මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට පසුගිය කාලයේ රටට ලාභදායී ව්‍යාපෘති බවට පත්ව තිබුණා. ඒ නිසා අපට ණය පදනම මත නොවේ වෙනත් පදනම් මත තවදුරටත් රටට ආයෝජන ගෙන ඒමට හැකිවේවි. බෝගම්බර බන්ධනාගාරය තිබූ විශාල ඉඩම් ප්‍රමාණය මේ වන කිසිදු සංවර්ධනයකට ලක් නොකොට තබා තිබෙනවා. අපේ කාලයේ ඉන් බන්ධානාගාරය ඉවත් කර එහි විශාල සංවර්ධනයකට සැලසුම් සැකසුවා. මින් උපරිම ප්‍රයෝජනය ගෙන ඉහළම සංවර්ධන සැලැස්මකට යොමු කරනවා. මේ ප්‍රදේශයේ සංවර්ධන පදනම විනාශ නොවන ලෙස මහා නාහිමිවරුන්ගේ මෙන්ම කාරක සංඝ සභාවන්ගේ උපදෙස් අනුශාසනා මත එය සංවර්ධනය කිරීමට ඉදිරි සතිය තුළම කටයුතු සකසනු ලබනවා. පසුගිය වසර පහ තුළ සාධනීය දෙයක් මහනුවරට සිදු වූයේ නැහැ.

ඉන්දික පොල්කොටුව

No comments:

Post a Comment

Post Bottom Ad

Pages