නව ලොවට පාර කියන තුෂාද් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-03

නව ලොවට පාර කියන තුෂාද්

කෘෂිකර්මාන්තයේ යෙදෙන නව පරපුරේ තරුණ තරුණියන් හට අපුරු නව නිපැයුමක් නිර්මාණය කිරීමට ගාල්ල බටේමුල් ජාතික පාසලේ කේ.ඒ. තුෂාද් විමර්ශ සිසුවා සමත් වී ඇත.

ස්වයංක්‍රීය වගා කාලගුණික සාධක පාලන යන්ත්‍රය ලෙස නම් කර ඇති මෙම යන්ත්‍රය පසුගිය 28 දින පැවති සමස්ත ලංකා රොබෝ නිර්මාණ තරඟවාලිය හා ප්‍රදර්ශණයේ දී දිවයිනේ 06 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති අතර මෙම නිර්මාණය උණවටුන අමරසුරිය ගුරු විද්‍යාලයේ දී පැවති දකුණු පළාත් තරඟාවලියේ දී දකුණු පළාතෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

වෙනත් රැකියාවක් කරන ගමන් වුවද හරිතාගාරයක් පහසුවෙන් නඩත්තු කිරීමට හැකි වන සේ මෙය නිපදවා ඇත.

මෙම නව නිර්මාණය මඟින් වගා හෝ තවාන් වලදී නැතිනම් හරිතාගාරයන් තුළ අපට පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැකි වගා සාධක රොබෝ තාක්ෂණය භාවිතා කරමින් අවශ්‍ය පසේ තෙතමනය‚ පරිසර උෂ්ණත්වය‚වාතයේ තෙතමනය‚හිතකර වායු සාන්ද්‍රණයේ නියත අගය හා වගාවට අවශ්‍ය සියලු සාධක තිරයක් මඟින් දැකගත හැකිය.

පසේ ජල මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වූ විට යන්ත්‍රය මඟින් ශබ්දයක් නිකුත් වන අතර අවශ්‍ය ජලප්‍රමාණය මෝටරයක් යොදා ස්වයංක්‍රීයව අදාල ස්ථානයට ලබා දෙයි.

මෙම යන්ත්‍රය අතින් හැසිරවීම අවශ්‍ය නොවන අතර මෙය නිවසේ ප්‍රධාන විදුලි සැපයුමට හෝ වියළිකෝෂ හෝ සූර්ය පැනලයකට සම්බන්ධ කර පණගැන්වීම සිදු කල හැක.

ඊට අමතරව මෙහි සිසිලන පංකා 2ක් ඇති අතර ඉන් 1ක් වාතය අඩු වූ විට පිටින් වාතය ලබා දීමටත් අනික ඇතුලත වාතය වැඩි වූ විට පිටතට යැවීමටත් නිර්මාණය කර ඇත.

තවද මෙහි උෂ්ණත්වය නියත අගයට වැඩි වුවහොත් සිසිලන පද්ධතිය ස්වයංක්‍රීයව පණ ගැන්වී නැවත නියත අගය ලබා ගනී.

එමෙන්ම මෙහි උෂ්ණත්වය අඩු වූවිට නියතව පවත්වා ගැනීමට හීටර් පද්ධතියක් ද ඇත.

තවද ඇතුලත තෙමනය අවම වූ විට ජලය ස්ප්‍රේ වන අතර එම නලයේ ඇති විශාල සිදුරු වලින් පසේ තෙතමනය පාලනය කරයි.

මෙයට මිනිස් පාලනයක් අවශ්‍ය නැත.පන ගැන්වීමට පමණක් 1ක් අයෙක් අවශ්‍ය වේ.

නමුත් මේ වන විට එම ගැටඑව ද නිරාකරණය වී ඇති අතර මිනිස් පාලනයකින් තොරව මෙය පණ ගැන්විය හැකි බව ද මෙහි නිර්මාණ කරුවා වන තවමත් වයස අවුරුදු 17 වන තුෂාද් විමර්ශ සිසුවා පවසයි.

මෙම නිර්මාණය පිහිටි ස්ථානය GPS මඟින් පෙන්වන අතර මෙහි ධාවනය වන ප්‍රෝගෑම් 1ට වඩා වෙනස් දෙයක් හට ගනියි නම් අපගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබේ.

අවශ්‍ය නම් එතැන් සිට bluetooth මඟින් විධාන යවමින් මෙය අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැක.

නමුත් Bluetooth මඟින් තොරතුරු හුවමාරු කර ගත හැක්කේ 100m ඇතුලත පමණක් නිසා ඉතාමත් වේගයෙන් මෙයට දත්ත යැවීම සඳහා IOT (Internet Of Things) තාක්ෂණය භාවිත වන අතර ඒ සඳහා මෙම උපකරණය අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත.

මෙම උපකරණයට භාවිතා කරන තාක්ෂණය Arduino & IOT වේ.

ලංකින්ද නානායක්කාර (ඉමදුව සමුහ)
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages