ඇමැති පියවර ගනී
ධීවර ගම්මාන ප්‍රතිසංස්කරණය කිරීමට ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා කටයුතු කරයි. පසුගිය .29 දින ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ අමාත්‍යංශයේ කටයුතු පිළිබද සාකච්ඡාවක් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේ දී ආරම්භ කළ ධීවර ගම්මානවල මං මාවත් ඇතුළු පොදු පහසුකම් භාවිතා කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති හෙයින් ඒවා ප්‍රතිසංස්කරණය කොට නැවත සකස් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යංශ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මෙම වැඩපිළිවෙළ ඉතා ඉක්මනින් ආරම්භ කළ යුතු බවට ඇමැතිවරයා උපදෙස් දුන් අතර අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද මෙම අදහස අනුමත කළේ ය.ඉතවද අමාත්‍යංශයේ කටයුතු පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.අයි රත්නායක මහත්මිය ඇතුළු විශාල නීලධාරීන් පිරිසක් එක් වූහ.
No comments:
Post a Comment