ඉල්ලූ වෙනස කරන්න නම් මහ ඡන්දයෙන් 2/3ක් ලැබෙන්න ඕනෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

ඉල්ලූ වෙනස කරන්න නම් මහ ඡන්දයෙන් 2/3ක් ලැබෙන්න ඕනෑ

Author(s): 
නිමල් රාජපක්ෂ

ඇමැති ප්‍රසන්න රණතුංග

ජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊළඟ මහ මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊළඟ මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමට නොහැකි වනු ඇති බවයි.

කටාන හා මීරිගම පළාත් පාලන නියෝජිතයන් සමග ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන් පසුගියදා (08) පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඉදිරි මහා මැතිවරණයේ දි ඒ ඒ ආසන වලින් ලබා ගත යුතු ඡන්ද ඉලක්ක පැහැදිලි කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබිණි. සාකච්ඡාව පැවැත්වුණේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදියි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර, කෝකිලා හර්ෂණි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වුහ.

 

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages