රුසියාවේ විදේශ කටයුතු ඇමති අද දිවයිනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

රුසියාවේ විදේශ කටයුතු ඇමති අද දිවයිනට

 රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා සංචාරයක් සඳහා අද(13) දිවයිනට පැමිණේ.
 
මෙම සංචාරය අතරතුරදී රුසියා විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ජනාධිපතිතුමා බලයට පැමිණීමෙන් පසු රුසියාවේ ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙයවේ. 
 
ලැව්රෝව් මහතා මින් පෙර 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. දෙරට අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීම ඔහුගේ සංචාරයේ අරමුණවේ. ආර්ථික , ආරක්‍ෂක , අධ්‍යාපන ,සංචාරක මෙන්ම විද්‍යා හා තාක්‍ෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages