රුසියානු විදේශ අමාත්‍ය ලංකාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-14

රුසියානු විදේශ අමාත්‍ය ලංකාවට

රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Serjev Lavrov ) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

අමාත්‍යවරයා සමග දූත පිරිස 42 ක් ද පැමිණ සිටියහ .

මෙම පිරිස අද දින උදෑසන 6.35 ට රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙන්ම , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

No comments:

Post a Comment

Post Bottom Ad

Pages