කාමරයක් ඉල්ලා රනිල්, මහින්දට කරදර කරයි - මහින්ද ඉතිහාසය වෙනස් කරමින් රන්ට උපකාර කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

කාමරයක් ඉල්ලා රනිල්, මහින්දට කරදර කරයි - මහින්ද ඉතිහාසය වෙනස් කරමින් රන්ට උපකාර කරයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කාමර අර්බුදයකටද මුහුණදී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට අගමැති ධුරයත්, විපක්ෂ නායක ධුරයත් යන දෙකම අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තුවේ ඔහුට සිටීමට සිදුව ඇත්තේ මන්ත්‍රිවරුන්ට ලබාදෙන කාමරයකයි.

නමුත් පසුගිය සතියේ කතානායක කරු ජයසූරිය මහතාට කතා කළ ඔහු තමන්ට විශේෂ කාමරයක් පාර්ලිමේන්තුවේ වෙන්කරන ලෙසට ඉල්ලීමක් කිරීමට කටයුතු කළ ද එවැනි විශේෂයක් දැන් රනිල්ට කළ නොහැකි නිසා කතානායකවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතා කොට රනිල්ගේ මෙම ඉල්ලීම ඔහුට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන්ට අයත් විපක්ෂ නායක කාර්යාලයේ කොටසක් ඔහුට ලබාදීමට තමන් සූදානම් බවයි.

සජිත්ගේ කාමරයේ කොටසක් ගැනීමට අකමැතිවී ඇති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කතා කොට තම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

අගමැතිවරයා පසුගිය සතියේ කතානායකවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර එහිදී කතානායකවරයා විමසා සිටියේ කුමන නිර්ණායකයක් යටතේ රනිල්ට කාමරයක් වෙන් කළ යුතුද යන්නයි.

ඊට සිනාසෙමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ “මට නම් හිටපු අගමැතිවරයා කියලා ඔය වගේ කිසිම කාමරයක් කවුරුත් දෙන්න කටයුතු කළේ නෑ. ඒ වුණාට අපි එතුමට හිටපු අගමැති කියලා ඒ කැටගරි එක යටතේ කැබිනට් ඇමැතිවරයකුට දෙන කාමරයක් දෙන්න බලමු. මොකද කොහොමත් අපිට දැන් කැබිනට් ඇමැතිවරු දාසයයිනෙ ඉන්නෙ. ඒ නිසා වැඩිපුර කැබිනට් ඇමැතිවරුන්ගෙ කාමර ඉතුරු වෙලා තියෙනවනෙ. ඒකෙන් එකක් අපේ රනිල්ට දෙමු” යනුවෙනියි.

ඉන් අනතුරුව කතානායකවරයා පාර්ලිමේන්තුවේ පළමු මහලේ පිහිටි කැබිනට් ඇමැතිවරයකුගේ කාමරයක් රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages