පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

දැනට පාර්ලිමේන්තුවේ අහෝසිවී පවතින කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරිම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙය සිදු වෙයි.

ඒ අනුව අද පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

මේ සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමත් සමග පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරික කාරක සභාව, මුදල් කාරක සභාව, ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10 ක් අහෝසි විය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages