රාජකීය කටයුතු ඉවත්වීමෙන් පසු හැරී බකිංග්හැම් මාලිගයේ උත්සවයක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

රාජකීය කටයුතු ඉවත්වීමෙන් පසු හැරී බකිංග්හැම් මාලිගයේ උත්සවයක

(ක්‍රිසන්ති විතාරණ)

පූර්ණ කාලීන රාජකීය කටයුතු වලින් ඉවත් වන බවට නිවේදනය කිරීමෙන් පසු බකිංග්හැම් මාලිගයේ පැවැති 2021 රග්බි ලීග් ලෝක කුසලාන දිනුම් ඇදීම සඳහා හැරී කුමරු සහභාගි වී තිබේ. 

රගර් ක්‍රීඩාවේ යෙදෙන එරට ඇතුලු ජාතීන් 21ක ළමා නියෝජිතයින් මුණ ගැසීමේ අවස්ථාවට ද සහභාගි වීමට නියමිතව තිබුණි. 
 
මේ අතර මේගන් සිය පුතණුවන් ද සමග කැනඩාවට ගොස් ඇති බව වාර්තා වේ. රැජින, හැරී කුමරු සහ චාර්ල්ස් කුමරු එක්ව පසු ගිය දා මෙම යුවළ ගේ අනාගතය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර එහිදී ඇති වූ එකඟතාව මත ජ්‍යෙෂඨ රාජකීයත්වයෙන් ඉවත් වීමට මෙන්ම නිදහස් මූල්‍ය පරිහරණයට සහ එක්සත් රාජධානිය සහ කැනඩාව අතර කාලය ගත කිරීමට එකඟ වෙමින් රැජින විසින් නිවේදනයක් ද නිකුත් කළාය. රැජින සමග මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබියදී ඊට පෙර  මේගන් ඔවුන් ගේ අට මස් වියැති ආර්චි පුතු සමග කැනඩාවට ගොස් තිබිණි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages