යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-14

යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත්

යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් දීර්ඝ කර ඇත.

යුරෝපා කවුන්සිලය විසින් ත්‍රස්තවාදී සාමාජිකයින් සහ සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව මෙම තහනම දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඒ අනුව සාමාජිකයින් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් මෙලෙස තවදුරටත් තහනම් සංවිධාන බවට පත්වනු ඇත. ත්‍රස්තවාදී සාමාජිකයින් අතර වැඩි පිරිසක් ඉස්ලාමය අන්තවාදී සංවිධානවල නායකයින් බව ද යුරෝපා සංගමය උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සියළු සංවිධාන සහ සාමාජිකයින්ට යුරෝපා රටවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

මේ අතර මලයාසියාව, ඉන්දියාව සහ යුරෝපා රටවල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages