සිරුරු දෙකක් සමග හදිසියේ කටුනායකට පැමිණි තායිලන්ත ගුවන් යානය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-13

සිරුරු දෙකක් සමග හදිසියේ කටුනායකට පැමිණි තායිලන්ත ගුවන් යානය

තායිලන්ත එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා ඇත.

ජෙඩායි සිට ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපල බලා පියාසර කරමින් සිටි මෙම ගුවන් යානායේ නියමුවා විසින් සිය යානයේ සිටින මගින් දෙදෙනෙකුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇත.

ඒ අනුව අද අලුයම 2:45 ට පමණ කටුනායකට ගොඩබස්වන ලද එම ගුවන් යානාවේ දී අසනිපවූ බව කියන පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි ගුවන් තොටුපළ බලධාරින් සදහන් කරයි

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉන්දුනීසියානු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වන අතර තායිලන්ත ගුවන් සේවයට අයත් එම ගුවන් යානය මේ වන විටත් කටුනායක ගුවන් තොටුපලේ ගොඩ බස්වා ඇති බවයි එහි කාර්ය භාරයේ නියුතු කළමණාකරු සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages