හැට වසරක සේවාව අගයමින් නෙල්සන් මෙන්ඩිස්ට උපහාර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

හැට වසරක සේවාව අගයමින් නෙල්සන් මෙන්ඩිස්ට උපහාර

නාලන්දා විද්‍යාලයීය ආදි ක්‍රිකට් සංගමය, සී.සී.සී. ක්‍රිකට් පාසල සමග එක්ව ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතා වෙනුවෙන් උපහාර උළෙලක් මේ මස 20 වැනිදා පස්වරු කොළඹ නාලන්දා විද්‍යාලයීය ශාලාවේදි පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

නෙල්සන් මෙන්ඩිස් මහතාගේ උපන්දිනයද එදිනටම යෙදී ඇති අතර ඔහු කලක් සේවය කළ සිංගර් ශ්‍රී ලංකා සමාගම ද මේ කටයුත්තට දායක වී සිටී.

මේ වනවිට තම ක්‍රිකට් පුහුණු දිවියේ වසර 60ක් සම්පූර්ණ කර ඇති නෙල්සන් මෙන්ඩිස් මහතා තරුණ අවදියේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීමට පිවිසි අතර මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් 26 දෙනකුම ඔහුගෙන් පුහුණුව ලබා තිබීම විශේෂත්වයකි. ඔහු 70 දශකයේ නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය හා පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

නෙල්සන් මෙන්ඩිස් උපහාර උළෙලට එක්වීමට කැමැති අය nelsonnotout@gmail.com හෝ 0774563942 වෙත දන්වා එවන මෙන් සංවිධායක කමිටුව ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages