ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවෙන් චටාරා ඉවතට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවෙන් චටාරා ඉවතට

ආබාධයකට ලක්වීම හේතුවෙන් සිම්බාබ්වේ පිලේ වේගපන්දු යවන ටෙන්ඩායි චටාරාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවෙන් ඉවත්වීමට සිදුවී තිබේ. 28 හැවිරිදි මේ වේගපන්දු යවන්නා පසුගියදා එරට පැවැති දේශීය තරගයකදී මේ ආබාධයට ලක්විය.

වසර 2018 නොවැම්බර් මස අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ චටාරා ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේ මූලික සංචිතයට ඇතුළත්ව සිටියේය. ඔහුගේ මේ ආබාධය නිසා මෙතෙක් ටෙස්ට් වරම් නොලැබූ වික්ටර් එන්යුචිට සහ චාල්ටන් ට්ෂුමාට කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාව උදාවී තිබේ.

ෂෝන් විලියම්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයන් 5ක් ඇතුළත්ව සිටිති. බ්‍රෙන්ඩන් ටේලර් යළි කණ්ඩායමට එක්වී සිටින අතර ක්‍රෙග් අර්වින්, සිකන්දර් රාසා, කයිල් ජාවිස් සහ රෙගිස් චකබ්වා ඇතුළත් වී ඇත්තේ වසරකට පමණ පසුවය. වසර 2017දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයක් අතරතුර ආබාධයකට ලක්වීම නිසා ජාත්‍යන්තර පිටියෙන් ඉවත්ව සිටි කාල් මුම්බා ද යළි කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය මෙසේය - ෂෝන් විලියම්ස් (නායක), සිකන්දර් රාසා, රෙගිස් චකබ්වා, ක්‍රෙග් අර්වින්, කයිල් ජාවිස්, කෙවින් කසූසා, ටිමිසෙන් මරුමා, ප්‍රින්ස් මස්වයුරි, බ්‍රයන් මඩ්සිගන්යාමා, කාල් මුම්බා, අයින්ස්ලි එන්ඩ්ලු, වික්ටර් එන්යුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ් ටිරිපානෝ, චාල්ටන් ට්ෂුමා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages