අපට ශක්තිමත් විපක්ෂයක් හදන්න පුළුවන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-11

අපට ශක්තිමත් විපක්ෂයක් හදන්න පුළුවන්

11 ජනවාරි, 2020

• ජනතා විමුක්ති පෙර­මුණ ගමින් ගමට යමින් දින 50ක වැඩ­ස­ට­හ­නක් පැවැ­ත්වූවා නේද? මොකද වුණේ?

ඒ වැඩ­පි­ළි­වෙළ ඉතා හොඳින් සාර්ථක වුණා. කොට්ඨාස මට්ට­මින් ජන හමු පවත්වා අව­සන්. දැන් අපි එහි දෙවැනි පිය­ව­රට ඇවිත් ඉන්නේ. දැන් අපි දිස්ත්‍රික් මට්ට­මින් ජන­තාව හමු වීම ආරම්භ කිරී­මට සූදා­න­මි­නුයි ඉන්නේ. එහි පළමු පිය­වර පෙබ­ර­වාරි 2 වැනිදා ආරම්භ කර­නවා.

 

• ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිදු වූ පසු­බෑ­මත් සමඟ ඔබ හිත­න­වාද මේ කාර්යය සාර්ථක වෙයි කියලා?

ජනා­ධි­ප­ති­ව­ර­ණය හා මහා­මැ­ති­ව­ර­ණය සසඳන්න එපා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජය ගන්න හැකි වන්නේ එක් අය­කුට පම­ණයි. 35 දෙනකු තරග කළත් පත් වන්නේ එක් අයෙක් නේ. කාට වත් බෝනස් ආසන ලැබෙන්නෙ නැහැ. මහා­මැ­ති­ව­ර­ණ­යේදී ඒ තත්ත්වය සහ­මු­ලින්ම වෙනස් වනවා.

 

• ඒත් ජන­තාව පක්ෂය වටා රැඳී සිටීවි කියා ඔබ සිත­න­වාද?

අපට පාර්ලි­මේ­න්තුවේ බල­යක් ගොඩ­න­ඟන්න වර­මක් නොලැ­බෙන්න පුළු­වන්. ඒත් ශක්ති­මත් විප­ක්ෂ­යක් හදන්න හැකි වේවි. ජන­තා­ව­ගෙන් අප ඉල්ලා සිටින වරම එයයි. ඒ ජන­තාව වෙනු­වෙ­න්මයි.

 

• අනුර කුමාර දිසා­නා­යක මහතා මීට පෙර පැව­සුවා ජාතික ජන­බ­ල­වේ­ගය වටා විශාල ලෙස පක්ෂ එක් රැස් වන බව. ඒත් අපට නම් එවැ­න්නක් පේන්න නැහැ...

අප පක්ෂය වටා තව­දු­ර­ටත් විවිධ සංවි­ධාන, පක්ෂ එක් වනවා. කලින් ජාතික ජන­බ­ල­වේ­ගය වටා එක්ව සිටියේ පක්ෂ, සංවි­ධාන 27ක් පම­ණයි. ඒ තත්ත්වය දැන් බෙහෙ­වින් වැඩි වෙලා.

 

• මේ දින­වල රන්ජන් රාම­නා­යක මහ­තාගේ දුර­ක­තන සංවාද සම්බ­න්ධ­යෙන් කති­කා­වක් ගොඩ­නැඟී තිබෙ­නවා. ඒ ගැන ඔබ පක්ෂයේ අද­හස...

ඒ සිද්ධි අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට ලොකු බල­පෑ­මක් එල්ල කරන බවක් පේනවා. ඒ වගේම තවත් පැත්ත­කින් අප මේ දෙස බැලිය යුතුයි. අන­ව­ස­ර­යෙන් කට­හ­ඬක් පටි­ගත කිරී­මට නීති­යෙන් අව­සර නැහැ. අප කවු­රුත් දන්නවා ජංගම දුර­ක­තන සමා­ගම් මෙන්ම ඇතැම් රක්ෂණ සමා­ග­ම්ව­ලට දුර­ක­තන ඇමැ­තුම් ගත් විට ‘මේ ඇම­තුම පටි­ගත විය හැකියි’ යනු­වෙන් අපට දැනුම් දීමක් කර­නවා. ඒත් එවැ­න්නක් මෙහිදී සිදුව ඇති බවක් පෙනෙන්න නැහැ. එය ඉතා වැරැදි සහ­ග­තයි. ඒ වගේම අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ වශ­යෙන් ගත් හඬ­පට මාධ්‍ය­යට ගියේ කොහො­මද කිය­න­එ­කත් සොයා බැලිය යුතු වෙනවා.

 

• ඒත් නීතිය හැමෝ­ටම එක සමා­නව ක්‍රියා­ත්මක විය යුතුයි. රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා කියා වෙන­සක් නැහැ නෙ?

නීතිය සැමට එක හා සමා­නයි කියල තියෙන්නෙ අපේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන්නේ. ඒ වුණාට ක්‍රියා­වෙන් එහෙම වෙන­වද? ගමේ සිරි­පාල, සයි­මන් අත්අ­ඩං­ගු­වට ගන්න පොලී­සිය ගියාම ඇඳන් ඉන්න ඇඳුම පිටින් කුද­ල­ගෙන එනවා. රන්ජන් රාම­නා­යක අත්අ­ඩං­ගු­වට ගන්න ගිය­හම වෙනත් ඇඳුම් ඇඳ­ගෙන, රැවුළ කපා­ගෙන එන­කල් ඉඳ­ලායි එක්ක එන්නේ. ඉතින් නීතිය කොහො­මද අපේ රටේ සාධා­රණ වෙන්නේ? කකුල් දෙකෙන් ඇවි­ද­ගෙන එන සමහර දේශපාලනඥයන් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කරපු ගමන් අස­නීප වෙලා බන්ධ­නා­ගාර රෝහ­ලට යනවා. ආපසු ගිලන් රථ­යෙන්, රෝද පුටු­වෙන් උසාවි එන්නෙ. ඒ ඇවිත් නිද­හස ලැබුණා විත­රයි දෙප­යින් ඇවි­ද­ගෙන ගිහින් වාහ­න­යට නඟි­නවා! රාජිත සේනා­රත්න අත්අ­ඩං­ගු­වට ගන්න එන කොට අස­නීප වෙලා පෞද්ග­ලික රෝහ­ලක නව­ති­නවා. අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රාර් එයා ළඟට යනවා. බන්ධ­නා­ගාර නිල­ධා­රීන් එයා ළඟට යනවා. ඉතින් කොහො­මද නීතිය සාධා­රණ වෙන්නේ? මේක නීති­යට කොකා පෙන්වී­මක්.

 

• රන්ජන් රාම­නා­යක මහ­තාගේ කතා­ව­ලින් පෙන්නුම් කරන්නේ අධි­ක­ර­ණ­යට ඇඟි­ලි­ගැ­සීම් ගැනයි. අධි­ක­ර­ණ­යට මැති-ඇමැ­ති­ව­රුන් මේ ලෙස ඇඟි­ලි­ගැ­සීම කිසි සේත්ම සුදුසු නැහැ. ඔබ පක්ෂය මේ සම්බ­න්ධ­යෙන් දක්වන්නේ කුමන ප්‍රති­චා­ර­යක්ද?

අධි­ක­ර­ණ­යට ඇඟි­ලි­ගැ­සීම් සිදු කළේ පහු­ගිය ආණ්ඩුව විත­රක් නොවෙයි. පහු­ගිය ආණ්ඩුව ඒ සේර­ටම වඩා වෙනස් බර­ප­තළ කට­යු­ත්තක් සිදු කළා. මේ කිසි­වක් අනු­මත කරන්න පුළු­වන් ඒවා නොවෙයි.

 

• කොහොම වුණත් අධි­ක­ර­ණය ගැන ජනතා විශ්වා­සය පලුදු වෙන්න මෙවන් ක්‍රියා හේතු සාධක වන්න පුළු­වන් බව ඔබට සිතෙන්නේ නැද්ද?

පහු­ගිය දින­වල සිදු වුණු මේ ක්‍රියා­දා­ම­යන් හේතු­වෙන් අධි­ක­ර­ණය කිසි­සේත්ම විශ්වාස නොකළ යුතු­යැයි ජන­තා­වට වැරැදි වැට­හී­මක් ගියා දෝ කියා සැක පහළ වනවා. එය ඉතා භයා­න­කයි. ඒ නිසා සාමාන්‍ය ජන­තාව දැඩි භීති­යට පත් වන්න පුළු­වන්. මා කලින් කිව්වා වගේ මේ රටේ නීතිය ලොකු මිනි­හාට එකක් පොඩි මිනි­හාට එකක් නෙ. ඒ නිසා මේ සමස්ත අධි­ක­රණ පද්ධ­ති­යම වෙනස් කළ යුතු තත්ත්ව­ය­කයි තියෙන්නේ. අප පැහැ­දි­ලිව තේරුම් ගත යුතු කරු­ණක් වන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රති­පත්ති එකයි කියන එක.

 

• එහෙම කින්න බැහැ නෙ... ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රති­පත්ති අතර බොහෝ වෙන­ස්කම් පෙනෙන්න තිබෙ­නවා...

විවිධ අංශ­වල වෙන­ස්කම් තිබෙන්න පුළු­වන්. එහෙත් හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව හොරු ඇල්ලු­වද? ඇයි ඇල්ලුවෙ නැත්තෙ කියල දැන් පැහැ­දි­ලි­යිනෙ. සේරම අය අතරේ ඩීල් තියෙන්නෙ. රනිල් පිලත් එකයි, මෛත්‍රී පිලත් එකයි, මහින්ද පිලත් එකයි, ගෝඨා­භ­යගේ පිලත් එකයි. වෙනස් නම්ව­ලින් හැඳි­න්වු­වත් මේ සේරම අය එකම දේයි කරන්නේ.

 

• ඒත් එක් විනි­ශ්ච­ය­කා­ර­ව­රි­යක තමාට උස­ස්වීම් ඉල්ලන්නේ රන්ජන් රාම­නා­යක මහ­තා­ගෙන්. මේ සිද්ධිය පිළි­කු­ල්ස­හ­ග­තයි නේද?

ඒක සාමාන්‍ය සිද්ධි­යක් ලෙස බැහැර කළ නොහැ­කියි. ඒ සිද්ධි­යට මූලික වූ සිදු­වීම සම්බන්ධ වෙලා තියෙන්නේ අධි­ක­ර­ණයේ වූ මනුෂ්‍ය ඝාතන නඩු විභා­ග­යක් සම්බන්ධ වූ නඩු­වක තීන්දු­වක් සම­ඟයි. ඒ නඩු­වට අදාළ තීන්දුව පම­ණක් නොවෙයි, පසුව අභි­යා­ච­නා­ධි­කා­ර­යේදී ඊට අදා­ළව ඇපෑ­ලත් ඒ තීන්දුව අනු­මත කළා. ඒ නිසා එය ගැන අප තර්ක-විතර්ක කළ යුතු නැහැ. එක්තරා පෞද්ග­ලික රූප­වා­හිනී නාළි­කා­වක් පවා මේ සිදු­වීම තමන්ගේ වාසි­ය­කට අර­ගෙන සමා­ජ­යේම මතය එය බවට පත් කරන්න හද­නවා. ඒ හරහා සමා­ජ­යට යම් වැරදි පණි­වි­ඩ­යක් දෙන්නයි උත්සාහ කරන්නේ. එය අනු­මත කරන්න බැහැ.

 

• කෙසේ වුවත් ඇය එසේ තමන්ගේ උස­ස්වීම ඇමැ­ති­ව­ර­යකු මාර්ග­යෙන් සිදු කර­ගන්න යෑම කිසි සේත්ම සුදුසු නොවන බව ඔබට සිතෙන්නේ නැද්ද?

ඇයගේ ඒ ඉල්ලීම අනුව පෙනෙන්නේ අධි­ක­රණ පද්ධ­ති­යේත් උස­ස්වීම් නිසි ලෙස සිදුව නැති බවයි. එතැන ගැට­ලුව වන්නේ ඇය ඒ ඉල්ලීම කළ පුද්ග­ලයා හා ස්වභා­ව­යයි. එතැ­නයි ගැට­ලුව තිබෙන්නේ.

 

• පසු­ගිය රජය සමයේ විභාග කර තීන්දු දුන් ඇතැම් නඩු නැවත විභාග කළ යුතු බවට මත­යක් මේ වන විට සමා­ජයේ ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා. නීති­ඥ­ව­ර­යකු ලෙස මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

නැහැ. විභා­ගය අව­සන් කර, දඬු­වම් නියම වී, දඬු­වම් විඳින අයකු සම්බ­න්ධව එවන් ක්‍රම අනු­ග­ම­නය කරන්න නීතියේ ප්‍රති­පා­දන නැහැ.

 

• මේ ක්‍රියා­දාම සම්බ­න්ධව ඔබට පැව­සිය හැක්කේ කුමක්ද?

නීතිය ක්‍රියා­ත්මක කිරීම ඒ අංශ­වල නිල­ධා­රීන්ට බාර දී, දේශ­පා­ල­කයා තමන්ගේ වැඩ බලා­ගන්න කියන එකයි මට කියන්න තිබෙන්නේ. ඔවුන් හැම වැඩ­ක­ටම ඇඟි­ලි­ග­හන්න යෑමෙන් ජන­තා­වට අත් වන සෙතක් නෑ.

 

සංවා­දය - තාරක වික්‍ර­ම­සේ­කර

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages