රන්ජන් රාමනායක බන්ධනාගාරයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-15

රන්ජන් රාමනායක බන්ධනාගාරයට

අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාරගේ නියෝගයකට අනුවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, මන්ත්‍රීවරයාගෙන් අදාළ දුරකථන ඇමතුම් පිළිබඳව ඊයේ රාත්‍රිය වන තෙක්ම දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බවයි.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ, අධිකරණ විනිසුරුවරයෙකුගේ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමේ චෝදනා යටතේයි.

මෙම චෝදනාව යටතේ, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලබන්නේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයකි.

 


No comments:

Post a Comment

Post Bottom Ad

Pages