මැදපෙරදිග ඉන්ධන අමෙරිකාවට අවශ්‍ය නොවේ -ට්‍රම්ප් ජාතිය අමතයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-09

මැදපෙරදිග ඉන්ධන අමෙරිකාවට අවශ්‍ය නොවේ -ට්‍රම්ප් ජාතිය අමතයි

ඉරාකයේ පිහිටි සිය ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජිවිත හානියක් සිදු නොවූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ තම සෙබළුන් ආරක්ෂා සහිතව සිටින බවයි.

තමන් එල්ල කළ ප්‍රහාර වලින් අමෙරිකානු සෙබළුන් 80 දෙනෙක් ජිවිතක්ෂයට පත් වු බව ඉරානය මිට පෙර ප්‍රකාශයට පත් කරන ලදි.

අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය ඉරාන විප්ලවවාදී හමුදාවේ මේජර් ජෙනරල් කසේම් සුලෙයිමානී ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බව අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.

2015 වර්ෂයේ ඇති කර ගත් ඉරාන න්‍යෂ්ඨික ගනුදෙනුව දැඩිව විවේචනය කළ අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ලෝකය සුරක්ෂිත සහ සාමකාමී ස්ථානයක් බවට පත් කිරීමට නම් ඉරානය සමඟ ගනුදෙනුවක් කිරීමට සැවොම එක්විය යුතු බවයි.

මැදපෙරදිග ඉන්ධන අමෙරිකාවට අවශ්‍ය නොවන බව ද මෙහිදි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය තමන් බලයේ සිටින තාක් ඉරානයට කිසිදු විටක න්‍යෂ්ටික අවි භාවිත කිරිමට ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

එමෙන්ම ඉදිරියේදි ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවිමට පියවර ගන්නා බවත් එල්ලවු ප්‍රහාරයට පිලිතුර එය බවද මෙහිදි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතා කියා සදහන් කර සිටියහ

ඉරානයට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරිමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර නොගැනිම සම්බන්ධයෙන් ලොවපුරා අවධානයට ලක්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages