එකම හිමිකරුට අයත් බස් රථ දෙකක් එකට ගැටෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-14

එකම හිමිකරුට අයත් බස් රථ දෙකක් එකට ගැටෙයි

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු අනතුරකින් 23ක් තුවාල ලැබු බව වටවල හා ගිනිගත්හේන රජයේ රෝහල් වල ප්‍රකාශකයින් පැවසුහ.

මෙසේ අනතුරට පත්වුයේ හැටන් සිට මහනුවර හා මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබු එකම හිමිකරුට අයත් පුද්ගලික බස් රථ දෙකකි.

එම අනතුරෙන් තුවාල සිදුවු පුද්ගලයින් 22 කු වටවල රජයේ රෝහලට ඇතුලත් කර තිබේ.

එයින් 10 දෙනෙක් බාහිර රෝගි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර 12 ක් නෙවාසිකව ප්‍රතිකාර ලබයි

එයින් 6 ක් වැඩිදුර ප්‍රතිකාර සදහා මුලික ප්‍රතිකාර වලින් පසු නාවලපිටිය මුලික රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන ඇති අතර ඒ අතර ළමුන් 4 ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකි.

සුළු තුවාල ලැබු එක් පුද්ගලයෙක් ගිනිගත්හේන රජයේ රෝහලේ බාහිර රෝගි පරික්ෂා කරන අංශය වෙත පැමිණ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබාගෙන නික්ම ගොස් තිබේ.

එම අනතුර අද (14) පෙරවරු 7.30 ට පමණ සිදුවී ඇති අතර තුවාල ලැබුවන් අතර පාසල් සිසුන්,කාර්යාල නිලධාරීන් රැසක් සිට බව වාර්තා වෙයි.

ගිනිගත්හේන පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages