චීන සහ අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-14

චීන සහ අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අද(14) අලුයම දිවයිනට පැමිණියහ.

ඇලිස් වේල්ස් මහත්මිය සිය සංචාරයේදී මෙරට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතව ඇත.

මානව හිමිකම්, යුක්තිය , ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාසයන් ඇතුළුව කලාපීය හා ද්විපාර්ශවීය ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ අතර චීන විදේශ කටයුතු ඇමති වන්ග් යී මහතා ද ඊයේ ( 13) රාත්‍රී දිවයිනට පැමිණියේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ ,විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,එම අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන් හා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages