රන්ජන් නිසා සියල්ල අමාරුවේ - රන්ජන්ගේ හඬ පට විමර්ශනය සීසීඞීයට - රන්ජන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සියලූ දෙනාගෙන් ප‍්‍රශ්න කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-09

රන්ජන් නිසා සියල්ල අමාරුවේ - රන්ජන්ගේ හඬ පට විමර්ශනය සීසීඞීයට - රන්ජන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සියලූ දෙනාගෙන් ප‍්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයාගත් රහසිගත හඬපට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය (සී.සී.ඞී) වෙත භාරදී ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයා ගන්නා ලද රහසිගත හඬපට එක් ලක්‍ෂ විසි එක්දහසකට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙන වෙනම විමර්ශන පවත්වාගෙන යයි. 

මෙම රහසිගත හඬපට තොගය අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර දකුණ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගිනි. මේ සම්බන්ධයෙන් බස්නාහිර දකුණ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මූලික විමර්ශන පවත්වාගෙන ගිය අතර එහි සියලූ විමර්ශන කටයුතු ඊයේ (8දා) සිට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කරන ලදි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා තමන් වෙත ලැබුණු දුරකථන ඇමතුම් සහ තමන් විසින් ලබාගන්නා ලද සියලූ දුරකථන ඇමතුම් විශේෂ මෘදුකාංගයක් යොදා ගනිමින් පටිගත කර ඒවා ගබඩා කරගෙන සිට ඇත.

විවිධ අපරාධ සම්බන්ධයෙන් විභාග වන නඩු පිළිබඳ මහෙස්ත‍්‍රාත්වරුන් සම`ග කළ සාකච්ඡුා, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සම`ග කළ සාකච්ඡුා පිළිබඳ හඬපට මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා සම`ග විවිධ අපරාධ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳව කරන විමසීම්වලට අදාළ හඬපට පොලිසිය මගින් සොයා ගෙන තිබිණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සතුව තිබියදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන හඬපට රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර ඒවා තහවුරු කරගැනීමෙන් පසු එම දුරකථන සංවාදවලට සම්බන්ධ වූ සියලූ දෙනාගෙන් ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

රන්ජන් රාමනායක මහතා සතුව තිබී දුරකථන සංවාද හඬපට එක්ලක්‍ෂ විසිදහසකට අධික ප‍්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇති අතර එම දුරකථන සංවාද සියල්ලම වෙන වෙනම සවන්දී බරපතළ ගණයේ හඬපට හඳුනාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මහෙස්ත‍්‍රාත්වරුන්ට බලපෑම් කිරීම, කුමන්ත‍්‍රණය කිරීම ඇතුළු තවත් බරපතළ චෝදනා රැුසකට සම්බන්ධ දුරකථන සංවාද හඬපට රැුසක් මේ වන විට පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම හඬපටවල දුරකථන සංවාදවලට සම්බන්ධ වූ මහෙස්ත‍්‍රාත්වරුන් දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන් රජයේ සේවකයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන්

රැුසක් රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදවලට සම්බන්ධ වී සිටින බව පොලිසිය පවසයි.

මෙම හඬපට සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයා ලබා දෙන වාර්තාවෙන් පසුව එම සංවාද වලට සම්බන්ධවූවන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන බවද පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

No comments:

Post a Comment

Post Bottom Ad

Pages