එංගලන්තය හා දකුණු අප්‍රිකානු 20/20 ජය දකුණු අප්‍රිකාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-13

එංගලන්තය හා දකුණු අප්‍රිකානු 20/20 ජය දකුණු අප්‍රිකාවට

දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගයේ ජය එක් ලකුණකින් ජය දකුණු අපි‍්‍රකාවට හිමි විය.

තරඟය ඊයේ (12) වන දින පැවැත්විණි තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව කඩුළු 08 කට ලකුණු 177 ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමට කඩුළු 09 ක් දැවී නියමිත පන්දුවාර 20 අවසන් වනවිට රැස්කර ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණකි.

තරගය ජයගැනීම සඳහා අවසන් පන්දු 12 දී එංගලන්තයට ලකුණු 23 ක් ලබාගත යුතුව තිබුණි.

සුපිරි පිතිකරු ඔයින් මෝගන් 19 වන පන්දුවාරයට ලකුණු 16 ක් රැස්කර ගනිමින් ජයග‍්‍රහණය එංගලන්තය දෙසට ගත්හ.

අවසන් පන්දුවාරයට කඩුළු 04 ක්ද අතැතිව එංගලන්තයට රැස්කර ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 07 ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලූන්ගි න්ගිඩි ලකුණු 5 ක් පමණක් ලබාදෙමින් එංගලන්ත ඉනිමේ කඩුළු 03 ක් බිඳහෙලමින් දකුණු අපි‍්‍රකාවට තියුණු ජයක් අත්කර දුන්හ.

තරගයේ වීරයා ලෙස ද දකුණු අපි‍්‍රකාවේ ලූන්ගි න්ගිඩි සම්මාන දිනා ගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages