අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-12

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුවේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙක්සිකෝවේ සිට එවන ලද පාර්සලයක් භාරගැනිමට පැමිණි පුද්ගලයෙකු සමඟ එම පාර්සලය පරික්ෂා කිරිමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

එහිදි එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු  මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages