ඇමරිකන් තහනම ගැන රජය විරුද්ධයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-15

ඇමරිකන් තහනම ගැන රජය විරුද්ධයි

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීමට එරෙහිව රජය දැඩි විරෝධතාව පළකර තිබේ.

විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් තහවරු කිරිම සඳහා කිසිඳු චෝදනාවක් නොමැති නිසා බව විදේශ සබදතා අමාත්‍යාංශය අවධාරණය කරයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් බවයි.

ඒ අනුව මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ගනු ලැබු තීරණය යළි සමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා සිටී.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මේවන විට සංචාරක තහනමක් පනවා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි මෙම තහනම පිළිබඳව නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

 “2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංගනය කිරීම්, නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් අණ දීමේ වගකීම තුළින් ඔහු සම්බන්ධ බවට විශ්වාසදායක තොරතුරු පවතී”

“7031 (ඇ) වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංගනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට නියම කළ හැකිය”

“එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් නියම කෙරේ. ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද මෙලෙස එම දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබේ.”

The post ඇමරිකන් තහනම ගැන රජය විරුද්ධයි appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages