රටට සෙත්පතා මානෙ­ල්වත්ත විහා­ර­යේදී ත්‍රිපි­ටක සජ්ඣාය­නයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-12

රටට සෙත්පතා මානෙ­ල්වත්ත විහා­ර­යේදී ත්‍රිපි­ටක සජ්ඣාය­නයක්

ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන මේ උත්ත­රී­තර ත්‍රිපි­ටක සජ්ඣාය­න­යෙන් රටට,ජන­තා­වට සහ වත්මන් රාජ්‍ය තන්ත්‍රය මෙහෙ­ය­වන නායක කර­කා­දීන්ට සෙතක් ශාන්ති­යක් උදා­වනු නිසැ­කය. එසේම කොරෝනා වසං­ග­තය ද අපේ­ක්ෂිත පරිදි පහව යනු නිය­තය.    

 හිම­වතේ වන­ග­තව දිගු කලක් ත්‍රිපි­ට­කය සජ්ඣාය­නයේ නිරත සංඝ පිතෘන් වහන්සේ 48 නමක් මේවන විට ශ්‍රී ලංකා­වට වැඩ­මවා සිටිති. මේ බුද්ධ පුත්‍ර­යන් වහ­න්සේලා අප දිව­යි­නට සැප­ත්වුයේ භූතා­නයේ අග රජු , ජිග්මේ කෙහෙ­සර් නම්ග්යෙල් වැන්චුක් ගේ සහ මවු­රැ­ජින අශී­ත්ස්හෙ­රින් යැන්ග්ඩොන් බිස­වගේ මැදි­හත් වීමෙනි. භුතාන රජ පවුල බුදු දහම කෙරෙහි පවත්නා අසී­මිත භක්තිය කෙත­රම්ද යත් ,භූතාන මවු බිස­වගේ මුණු­පුරු ගියාල්සේ බිලිදු කුමරු දෙහැ­වි­රිදි වියේදී පැවිදි බිමට පමු­ණු­වා­ලී­මට තරම් ඔවුහු භක්ති­මත් වුහ.මේ කුඩා සාම­නේ­ර­යන් වහන්සේ සිය මවු බිසව සමඟ ශ්‍රී ලංකාවේ පුජ­නීය බොදු වෙහෙර විහාර වැඳ­පුදා ගැනීම පිණිස පසු­ගිය වසරේ ශ්‍රී ලංකා­වට සැපත් වු අයුරු ද අපට මෙහිදී සිහි­පත් වේ. එම අව­ස්ථා­වේදී මේ පුංචි සාම­නේර නම ,මෙරට සංඝ­ර­ත්නය හමුවේ තම පෙර ආත්ම භාවය පිළි­බඳ තොර­තුරු හෙළි කළ බවද වාර්තාවේ.  

නාගා­නන්ද ජාත්‍ය­න්තර බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති ආචාර්ය  බෝදා­ගම චන්දිම හිමි­පා­ණන් භුතාන රජු සහ රජ පවුලේ සාමා­ජි­ක­යන් සමඟ පැවති සාක­ච්ඡා­ව­කදී , භූතා­න­යට බුදු සමය රැගෙන ගිය පද්ම­ස­ම්භව රහ­තන් වහන්සේ ශ්‍රී ලංකාවේ ශ්‍රීපා­ද­ස්ථා­නය වන්ද­නය සඳහා මෙහි පැමිණ,2020 වස­රට අවු­රුදු 1300 ක් සපි­රෙන බව හෙළි­විය. එම අව­ස්ථාව සැම­රීම, නව ජන­ප­ති­දුන්,නව අග­මැ­ති­දුන් ඇතුළු ලක් රජ­යට සහ ලංකා­වා­සීන්ට ආශී­ර්වාද කිරීම, වර්ත­මා­නයේ ව්‍යාප්ත වෙමින් පවත්නා කොරෝනා වසං­ග­තය පිටු­දැ­කීම යන ත්‍රිත්ව අර­මුණු පෙර­දැරි කර­ගෙන සම්භාව්‍ය ත්‍රීපි­ටක සජ්ඣාය­න­යක් ශ්‍රී ලංකාවේ පැවැ­ත්වීම කෙරෙහි භුතාන නිරි­දුන්ගේ ක්ෂණික අව­ධා­නය යොමු විය. භුතාන රජුගේ එම අපේ­ක්ෂාව යථා­ර්ථ­යක් බවට පත් කර­මින් භුතා­නීය සුත්‍ර­ධර ධර්ම ධුත­යා­ණන් පිරිස මේ වන විට ලක් දෙර­ණට සැපත්ව සිටිති.මේ ත්‍රිපි­ටක සජ්ජා­ය­නාව ඉපැ­රණි සම්ප්‍ර­දා­යන්ට අනු­කූ­ලව සිදු­කි­රීම මෙහෙ­ය­වනු ලබන්නේ ආචාර්ය  බෝදා­ගම චන්දිම හිමි­පා­ණන්, භාර­තයේ ප්‍රධාන සංඝ­නා­යක ආචාර්ය  දොඩ­ම්ගොඩ රේවත නාහි­මි­පා­ණන්, භූතා­නයේ හිටපු කතා­නා­යක ඉන්දි­යානු මහා­බෝධි සමා­ගමේ සභා­පති ඩසු­ප­සන් ඩොර්පේ  සහ ජගත් සුම­ති­පාල මහ­ත්ව­රුය.  

 අද (12) පෙර­වරු 9ට , ආශි­ර්වා­දා­ත්මක ත්‍රිපි­ටක සජ්ඣාය­නය කැල­ණිය මානෙ­ල්වත්ත විහා­රස්ථ වැව් තෙර පිහිටි සද­හම් මාලි­ග­යේදී ආරම්භ කෙරේ.  අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා මේ ආග­මික වැඩ­ස­ට­හනේ ප්‍රධාන රාජ්‍ය අමුත්තා වශ­යෙන් සහ­භාගි වීමට නිය­මි­තය. දීන­පතා සිවු දිනක් මුළුල්ලේ මේ  ත්‍රිපි­ටක සජ්ඣාය­නය මනෙ­ල්වත්ත විහා­ර­ස්ථා­න­යේදී පැවැත්වේ. භුතාන සාම්ප්‍ර­දා­යික වත් පිළි­වෙ­ත්ව­ලට අනු­කු­ලව සද­හම් මාලි­ගයේ සුසැදි පිරිත් මණ්ඩ­පය වෙත භුතාන ස්වාමී­න්ව­හ­න්සේලා පිවි­සෙන්නේ , වැව් තෙර වටා විහිදී සොඳුරු මංපෙත ඔස්සේ, උන්ව­හ­න්සේ­ලා­ගේම සහ­භා­ගි­ත්ව­යෙන් සැදුම් ලත් දර්ශ­නීය පෙර­හ­ර­කිනි. සම්ප්‍ර­දා­යික සිවුරු දර­මින්, භූතා­නයේ බෙර,දවුල්,තම්මැ­ට්ටම් ,හොරණෑ කන්කළු නාද­යෙන් සවන් පත් සන­හ­මින් ගමන් ගන්නා පෙර­හරේ තවත් අපුර්ව දසු­නක් ද දැක­ගත හැකිය. පෙර­හරේ වැඩ­ම­වන භික්ෂුන් වහන්සේ දෑත රැදී ,අලං­කාර කහ පාට,රතු පැහැ පට පිළි­යෙන් ආව­ර­ණය වූ කිසි­යම් පුජා භාණ්ඩ­යක් ද දැකිය හැකිවේ. එය හිමා­ලයේ භෝඨ භාෂා­වෙන් හැඳි­න්වෙන්නේ කන්ජුර් ලෙසිනි. ඒ අන්කි­සි­වක් නොව ලී පතු­රු­වල ලියන ලද භුතාන ත්‍රිපි­ටක ග්‍රන්ථ මාලා­වය.  

 වසං­ගත රෝග බිය දුරලා , රාජ්‍ය තන්ත්‍ර­යට සහ ජන­තා­වට සෙත්සිරි පතා මේ ත්‍රිපි­ටක සජ්ඣාය­නය පෙබ­ර­වාරි මාසයේ අනු­රා­ධ­පු­රය,මහ­නු­වර, ශ්‍රීපා­ද­ස්ථා­නය,සිතු­ල්පව්ව  ස්ථාන­ව­ලද පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.  

 මෙහිදී භුතාන ත්‍රිපි­ට­කය පිළි­බ­ඳ­වද සුවි­ශේෂී කරු­ණක් සඳ­හන් කිරීම මැන­වයි හැඟේ. භුතාන බුදු සමයේ කන්ජුර් නොහොත් ත්‍රිපි­ට­කයේ සුත්‍ර,අභි­ධර්ම,විනය යන තෙවැ­දෑ­රුම් ධර්ම කාණ්ඩ­යන් ඇතු­ළත්ය. මහා­යාන ත්‍රිපි­ට­කයේ ථෙර­වාදී ත්‍රිපි­ට­ක­යට අම­ත­රව හත­ර­වන ත්‍රිපි­ට­ක­යක් ද දක්නට ඇත.එය වජ්‍ර­යා­නය නොහොත් තන්ත්‍ර­යා­නය නමින් ව්‍යව­හා­රි­තය. පද්ම­ස­ම්භව ප්‍රධාන මහා­යාන ආචා­ර්ය­ව­රුන් විසින් වජ්‍ර­යා­නය 8 වන සිය­ව­සේදී භූතා­න­යට හඳු­න්වා­දී­මට පුරෝ­ගා­මීව කට­යුතු කර ඇත.  

 භූතා­න­යට වජ්‍ර­යාන බුදු සමය හඳුන්වා දුන් පද්ම­ස­ම්භව මහා රහ­තුන් වහන්සේ පිළි­බ­ඳව එරට වැසි­යන් තුළ පවත්නේ අසී­මිත භක්ති­යකි. ඔවුහු උන්ව­හන්සේ පැද­කුණු කරන්නේ දෙවන භාග්‍ය­ව­තුන් වහන්සේ ලෙසිනි. උන්ව­හන්සේ ඔඩි­යානා ප්‍රාන්තයේ ( වර්ත­මාන පාකි­ස්තා­නයේ ) ස්වාත් දිස්ත්‍රි­ක්කයේ ධහ­න­කෝෂ වැව දිය මතු­පිට සුපිපි නෙළුම් පුෂ්ප­යක් මත සම්භ­වය ලද බව පැවසේ. උන්ව­හ­න්සේට පද්ම­ස­ම්භව නාමය ව්‍යව­හාර වන්නට එම සිදු­වීම හේතු පාදක වී ඇත. උන්ව­හන්සේ ගුරු රිපොන්චේ යන නමින් ද හැඳින්වේ. පද්ම­ස­ම්භව උතු­මන් පැවිදි දිවි­යට පත්වී­මට පෙර තරුණ වියේදී මන්දරා නම් රජ­කු­ම­රි­යක් සර­ණ­පා­වා­ගෙන සිටි­යේය. අදින් වසර 1300 ට පෙර පද්ම­ස­ම්භව රහ­ත­න්ව­හන්සේ ශ්‍රී ලංකාවේ ශ්‍රී පාද­ස්ථා­නය වෙත වැඩි බව භූතා­නයේ ඉපැ­රණි ලේඛ­න­ව­ලින් තහ­වුරු වේ.   

 භුතාන ත්‍රී පිටක සජ්ඣාය­නය සිදු­කි­රී­මෙන් රටට,රාජ්‍ය පාල­ක­යන්ට ,ජන­තා­වට ඉම­හත් සෙතක්,ශාන්ති­යක් සිදු­වන බවට තද­බල විශ්වා­ස­යක් පවතී. මීට ඉහත වසර නමය තුළ වෙනත් රට­වල් නම­යක මෙම පුණ්‍ය­ක­ර්මය සිදු­කොට ඇත.   

 ආචාර්ය ගාමිණී කාරි­ය­ව­සම්.   

No comments:

Post a Comment

Post Bottom Ad

Pages