වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-11

වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේ දී වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ දකුණු පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages