බදුල්ල මාධ්‍යවේදී සුහද හමුව කැපිටල් සිටි ශ්‍රවණාගාරයේදී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-02-10

බදුල්ල මාධ්‍යවේදී සුහද හමුව කැපිටල් සිටි ශ්‍රවණාගාරයේදී

බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමයේ 2020 ආරම්භක සුහද හමුව පසුගියදා බදුල්ල නගර කැපිටල් සිටි හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

හමුව බදුල්ල උප නගරාධිපති රංගේ අසිත සහ නගර සභික සසී සුරංග යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. එහිදී 2019 කලා භූෂණ සම්මානය හිමි කර ගත් සංගමයේ භාණ්ඩාගාරික එම්.සෙල්වරාජා සහ 2019 රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන හා හොඳම ළමා වැඩ සටහනට හිමි ජනාධිපති සම්මාන ලබා ගත් ඌව ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදක අජිත් වසන්ත ඈපා යන සංගමයේ යාවජීව සාමාජිකයන් දෙදෙනාද ඇගැයීමට ලක් කරනු ලැබීය.

 පස්සර සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages