රුපියල් 500සිට 2000දක්වා මිලකට සතොසින් ආහාර මලු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-24

රුපියල් 500සිට 2000දක්වා මිලකට සතොසින් ආහාර මලු

Author(s): 
සුභාෂිණී සේනානායක
 
දිවයින පුරා පිහිටි සතොස ශාඛා 420 මඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත පාර්සල්  රුපියල් 500 සිට 2000 දක්වා මිල ගණන් යටතේ ලබා ගැනීමට මහජනතාවට හැකියාව ඇතැයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.
 
ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් වෙළෙඳසැල් විවෘත කරන ලෙස රජය උපදෙස් ලබා දී ඇති බව කියා සිටි ඒ මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇති තරම් තොග පවතින බැවින් අනවශ්‍ය තදබදයකින් තොරව භාණ්ඩ ලබා ගන්නා ලෙසත් මහජනතාවට දන්වා සිටියි.
 
මෙහිදී  සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙන ඒ මහතා රජයේ උපදෙස් අනුව වෙළෙඳසැල් වෙත සීමිත පිරිසක් පමණක් ඇතුල් කර ගන්නා  බවද පවසයි.
 
වැලිසර වීරවිල, කුරුණෑගල, අනුරාධපුරය සහ රත්නපුර තොග ගබඩාවල සිට දිවයින පුරා පිහිටි සතොස වෙළෙදසැල් 420කට ආසන්න ප්‍රමාණයකට කිසිඳු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම සඳහා සූදානම් වී සිටින බවත් ආහාර හිගයක් ඇති වේ යැයි බියෙන් අනවශ්‍ය ලෙස ආහාර තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසත් සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages