සජින් ද වාස් අද තෙක් රිමාන්ඩ් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-13

සජින් ද වාස් අද තෙක් රිමාන්ඩ්

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අද (13) තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12) සවස නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් වසර 05ක කාලයක් තුළ උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් තිස්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදු කළ බවට නීතිපතිවරයා විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කිකරුවෙකුට බලපෑම් කිරීම මත පසුගිය නඩු දිනයේ දී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඊයේ (12) නඩුව විභාගය සඳහා කැඳවු අවස්ථාවේ බන්ධනාගාරය මඟින් සජින් ද වාස් ගුණවර්ධන මහතා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙය වීම මත පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊ‍යේ ද සිදුකෙරිණි.

වැඩිදුරටත් සාක්ෂි විභාගය අද (13) කල් තැබූ විනිසුරුවරයා විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා අද තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad

Pages