කොරෝනා වැළඳී ඉතාලියේ මිය ගිය බව කියන ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු සොයයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-25

කොරෝනා වැළඳී ඉතාලියේ මිය ගිය බව කියන ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු සොයයි

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව පිළිබඳව මේ වන විටත් සත්‍ය තොරතුරු සොයමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
 
ඔහු පෙන්වා දෙන්නේ එම සිද්ධියට අදාළ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එරට පිහිටි තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් මේ බව සොයමින් ඇති බවය.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ  70 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බවටත් තොරතුරු වාර්තාවේ.
 
මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ඇති බවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවති.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages