ලංකාවෙන් පිටව යාමට හැදූ පෝලන්ත ජාතිකයන් හතරකට කොරෝනා ලක්ෂණ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-14

ලංකාවෙන් පිටව යාමට හැදූ පෝලන්ත ජාතිකයන් හතරකට කොරෝනා ලක්ෂණ

ශ‍්‍රී ලංකාවේ සංචාරය කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව්දෙනෙකු නව කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අයි ඞී එච් උණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙම පෝලන්ත ජාතිකයින් සිව්දෙනා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් එම පෝලන්ත ජාතිකයින් සිව්දෙනා අයි.ඞී.එච්. රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages