මෙරට කොරෝනා වෛරස් ආසාධිතයාගේ පුත්‍රයා ගැන පැතිර යන කට කතා අසත්‍යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-12

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයාගේ පුත්‍රයා ගැන පැතිර යන කට කතා අසත්‍යයි

මෙරට කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගියාගේ පුත්‍රයාට ද එම රෝගය වැළඳී ඇතැයි පැතිර යන කට කතා මුලුමණින්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
 
තවද මෙම පුද්ගලයාගේ පුත්‍රයා ඉගෙනුම ලබන කොළඹ ආනන්ද විද්‍යාලයේ කිසිඳු ආසාධිත ශිෂ්‍යයෙකු නොමැති බවත් ඔහු සදහන් කළා.
 
වෛරසය ආසාධනය වූ ශ්‍රී ලාංකිකයා දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
ඔහුගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට ලක්කර තිබෙනවා.
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස පැතිරීම වැළැක්වීමට මේවන විට රජය සියලු පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages